සිංහපුත්‍ර ෆිනෑන්ස් සහ CLC ඒකාබද්ධයට අනුමැතිය
LOLC සමූහයට අයත් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සමාගම සහ සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඒකාබද්ධ කිරිම සඳහා වූ යෝජනාවට ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී ඇතැයි කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම අනාවරණය කරයි.
මහ බැංකුවෙහි ලියාපදිංචි බැංකු නොවන මූල්‍ය සමාගම් පිළිබඳ මූලික සැලසුම් යටතේ මෙම ඒකාබද්ධ කිරිම සිදු කෙරෙන බව සඳහන් වෙයි.
මෙම මූල්‍ය සමාගම් දෙකම කොළඹකොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගම් දෙකකි.
ඉදිරියේදී මෙම ඒකාබද්ධවීමෙන් අනතුරුව සමාගමේ කොටස් බෙදී යන ආකාරය සම්බන්ධයෙන් යෝජනාවක් කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් ඉදිරිපත් කරමින් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී මේ බව සඳහන් කර සිටියි.
දැනට සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් සංඛ්‍යාව 69,666,580 කි.
ඊට අමතරව මෙම ඒකාබද්ධවීම යටතේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් මගින් දැනට සිටින කොටස්කරුවන් වෙත අලුතින් කොටස් 54,363,636ක් නිකුත් කිරීමට නියමිතව තිබේ.
මෙහිදී දැනට නිකුත් කර ඇති සෑම කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් කොටස් 10,000කටම අලුතින් කොටස් 7,803ක් හිමිවන ලෙස මෙම කොටස් නිකුත් කිරීම සැලසුම් කෙරී ඇත.
එසේම මෙම ඒකාබද්ධවීමෙන් අනතුරුව එම සමාගම කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ලෙසින් හැඳින්වෙන බවත්, මෙහිදී සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 99.15%ක් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමටත්, 0.85%ක් සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගමටත් හිමිවීමට නියමිතව ඇතැයි සමාගම් සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම යෝජනාව සඳහා මහ බැංකුව සහ කොළඹ කොටස් හුවමාරුව ඇතුළු අදාළ සියලුම නියාමකයන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද එම සමාගම් වැඩිදුරටත් පවසා සිටියි.

Hits: 666