ලිට්‍රෝ ගෑස් වෙතින් නිවේදනයක්
ලිට්රෝ ගෑස් ලංකා සමාගම මගින් දැනට වෙළෙඳ පොළ තුළ ඇති නිල් සහ කළු මුද්‍රාව සහිත කි.ග්‍රෑම්. 12.5, ක්‍රි.ග්‍රෑම් 5, කි.ග්‍රෑම් 2.3ක ගෑස් සහිත සිලින්ඩර නැවත එකතු කරගන්නා බව ලිට්රෝ ගෑස් පාරිභෝගිකයන්ට, ලිට්රෝ අලෙවි නියෝජිතයන්ට සහ ලිට්රෝ ගෑස් බෙදාහැරීමේ නියෝජිතයන්ට දන්වා සිටින බව පවසයි.
අද දිනයේදී පළ වූ ඉරිදා ජාතික පුවත්පත්හි දැන්වීමක් පළ කරමින් එම සමාගම මේ බව දැනුම් දී සිටියි.
ඒ අනුව ලිට්රෝ ගෑස් පාරිභෝගිකයන් විසින් කළු සහ නිල් මුද්‍රාව සහිත තමන් සතු භාවිත නොකළ එම ගෑස් සහිත සිලින්ඩර ළගම ඇති ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයා වෙත භාර දෙන ලෙස මෙහිදී දැනුම් දී තිබේ.


Hits: 217