ප්‍රංශයේ Chanel විලාසිතා ජාලයේ ගෝලීය CEO ධුරයට ඉන්දියානු සම්භවයක් සහිත ලීනා නායර් නම් කෙරේ

ලොව ජනප්‍රිය විලාසිතා සන්නාමයක් වන Chanel හි නව ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී ධුරය සඳහා ඉන්දියානු සම්භවයක් සහිත ලීනා නායර් නම් කර ඇතැයි එම සමාගම පවසයි. ඒ අනුව ලොව ජනප්‍රිය සමාගම් හි ප්‍රධාන විධායක නිලධාරී ධුරයක් සඳහා පත්වීම් ලබන ආසන්නතම ඉන්දියානු සම්භවයක් සහිත තැනැත්තිය බවටත් ඇය පත්ව තිබේ.

මීට පෙර මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරය සඳහා ඉන්දියානු සම්භවයක් සහිත සත්‍යා නඩෙල්ලා පත් වූ අතර, ගූගල් සමාගමේ ඇල්ෆබට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරය සුන්දර් පිචායි පත්විය. මෑතකදී ට්විටර් ඉන්කෝපරේෂන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරය සඳහා පරාග් අගර්වාල් පත් වීම් ලැබුවේය.

ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ උපත ලබා ඇති ලීනා නායර් අද වනවිට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලැබූ තැනැත්තියකි. ලබන වසරේ ජනවාරි මාසය අගදී ඇය Chanel සමගින් එක්වනු ඇතැයි සඳහන් වෙයි. එසේම එහි ගෝලීය කාර්යාලය ලන්ඩන් නුවර කේන්ද්‍ර කරගනිමින් මෙහෙයුම් සිදු කරනු අතැයිද සමූහය පවසයි.

මෙලෙස ප්‍රංශයේ Chanel සමූහයේ ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත් වීම් ලැබීම තමන් ලැබූ ගෞරවයක් බව ඇය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

මෙතෙක් කලක් එම ධුරය දැරූ එක්සත් ජනපද ව්‍යාපාරිකාවක වන මයුරීන් චිකුවෙට්ගේ ඉවත්විමත් සමගින්ම හිස්වන ධුරය සඳහා ඇය මෙලෙස පත්විමට නියමිතව තිබේ.

ලීනා නායර් මීට පෙර දශක ගණනාවක් යුනිලිවර් සමාගමේ ඉන්දියානු සමාගම වන හින්දුස්තාන් යුනිලිවර් සමාගමේ විධායකවරියක ලෙස කටයුතු කළාය. ඇය 1992 වසරේදී කර්මාන්තශාලාවේ පුහුණු සේවිකාවක ලෙස යුනිලිවර් හා සම්බන්ධවී තිබේ.

Views: 54