MYLAND Development සමාගමේ මූලික කොටස් නිකුතුව දෙසැම්බර් 08 දා

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නිරත MYLAND Developments (පෞද්) සමාගම වෙත කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම සඳහා වන අනුමැතිය හිමිව ඇතැයි පවසයි.

ඒ අනුව ඊට අදාළව සමාගම මගින් සිදු කරන මූලික මහජන කොටස් නිකුතුව ලබන දෙසැම්බර් 08 වැනිදා නිකුත් කරන බව MYLAND Developments (පෞද්) සමාගම සඳහන් කර සිටියි.

මෙහිදී එම සමාගම මගින් සිය නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 6,250,000ක් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. එහිදී එක් කොටසක් රුපියල් 12ක් බැගින් මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් මිලියන 75ක් (75,000,000ක්) වෙයි.

කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරන ආකාරයට MYLAND Developments (පෞද්) සමාගම එහි දිරි සවි පුවරුවෙහි හෝ Empower පුවරුවෙහි ලැයිස්තුගත කිරීමට නියමිතව ඇත.

මෙම මූලික මහජන කොටස් නිකුතුවෙහි මූල්‍යමය උපදේහකයන් සහ කළමනාකරු ලෙස Atarah Capital Partners (Pvt) Ltd කටයුතු කරයි. එසේම නිකුතුවේ ලේඛකාධිකාරි ලෙස Central Depository Systems (පෞද්) සමාගම ක්‍රියා කරයි.

Views: 460