‘හාපික්‘ ලෝක වැසිකිළි දිනය වෙනුවෙන් පොදු සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කරයි

ලොව ජනප්‍රියතම සන්නාමයක් වන රෙකිට් (Reckitt) වෙතින් එන හාපික්, මෙවර ලෝක වැසිකිළි දිනය වෙනුවෙන් මීරිගම මූලික රෝහලේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට කටයුතු කළ බව පවසයි. මෙම වැඩසටහනේ තේමාව වූයේිසුව ජන මෙහෙයුම’ යන්නයි .

දිනකට 750 ත් 1,000 ත් අතර පිරිසක් මීරිගම මූලික රෝහලේ වැසිකිළි පහසුකම් භාවිතා කරති. මෙම පහසුකම් අලුත්වැඩියා කර රෝහල වෙත නිල වශයෙන් භාරදීම, 2021 නොවැම්බර් 19 දිනට යෙදුණු ලෝක වැසිකිළි දිනයේදී සිදුකරන ලදි.

ශ්‍රී ලංකාව තුළ හාපික් නිෂ්පාදන බෙදාහරින රෙකිට් ශ්‍රී ලංකා සමාගම, වසර ගණනාවක් තිස්සේ සෞඛ්‍ය බලධාරීන් සමග අත්වැල් බැඳගනිමින් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යහපත වෙනුවෙන් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාවට නංවා තිබේ. 2017 වසරේ සිට මේ දක්වා වසරකට පවුල් 150 ක් බැගින් පවුල් 600 කට අධික සංඛ්‍යාවකට තම නිවෙස් වල වැසිකිළි අලුත්වැඩියා කරගැනීමට අත්වැලක් සැපයීමට හාපික් කටයුතු කර ඇත. එමෙන්ම 2015 වසරේ සිට ජංගම වැසිකිළි වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර එමගින් වසරකට 800,000 කට අධික පිරිසකට සෙත සැලසේ. එපමණක් නොව, පසුගිය වසර 3 ක කාලය තුළ 600,000 කට අධික වන්දනාකරුවන් පිරිසක් වෙනුවෙන් ශ්‍රී පාද අඩවියේ පොදු වැසිකිළි වල සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ වැඩසටහනක්ද හාපික් මගින් ක්‍රියාවට නංවා ඇත.

“සනීපාරක්ෂාව ඉලක්ක කරගත් සන්නාමයක් වශයෙන් සියලුම පුරවැසියන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම තහවුරු කිරීමට අප කැපවී සිටිනවා. මෙම වසරේ තේමාවට අනුව සහ අපගේ ආයතනික ආචාරධර්ම වලට සමගාමීව, මීරිගම මූලික රෝහලේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට දායක වීමට ලැබීම අපට සතුටක්. ඉදිරියේදීත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය සමග එක්වී මෙවැනි වැඩසටහන් ක්‍රියාවට නැංවීමට අප බලාපොරොත්තු වෙනවා.” රෙකිට් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි ප්‍රධානී ශාමින්ද පෙරේරා මහතා පැවසී ය.

පසුගිය වසරේදී මිනුවන්ගොඩ මූලික රෝහලේ වැසිකිළි පහසුකම් නවීකරණය කිරීමට හාපික් කටයුතු කළේ ය. එමෙන්ම CoVid-19 පරීක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා වූ අනුරාධපුර මූලික රෝහලට ජංගම සනීපාරක්ෂක ඒකක පරිත්‍යාග කිරීමද සිදුකරන ලදි.

හාපික් යනු ලොව මහද්වීප 6 ක ව්‍යාප්ත වූ ජාත්‍යන්තර සන්නාමයකි. එහි මවු සමාගම වන රෙකිට්, හාපික් වලට අමතරව ඩෙටෝල් සහ ලයිසෝල් ඇතුළු ජනප්‍රිය විෂබීජ නාශක හා පවිත්‍රකාරක නිෂ්පාදන රාශියක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. රෙකිට් යනු සෑම විටම සමාජයීය, පාරිසරික හා මූල්‍යමය වශයෙන් වගකීම් සහගත ලෙස කටයුතු කිරීමට උත්සාහ ගන්නා සමූහයක් වන අතර, එම උත්සාහය යටතේ හාපික් හි ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන් ක්‍රියාවට නැංවේ.

CoVid-19 හේතුවෙන් වෙනස් වූ ජීවන රටාවන් හමුවේ, යහපත් සනීපාරක්ෂක පුරුදු අනුගමනය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, රෙකිට් ශ්‍රී ලංකා සමාගමේ සන්නාම කළමනාකරු චනුක පෙරේරා මහතා පෙන්වා දුන්නේ, වැසිකිළි යනු රෝගකාරක විෂබීජ පැතිරෙන ප්‍රධානතම ස්ථානයක් බවයි. කෙසේ වෙතත් දිනපතා වැසිකිළි පිරිසිදු කිරීම මගින් මෙම අවදානම අවම කරගත හැකි වේ.

“අපිරිසිදු වැසිකිළි වලින් විෂබීජ පැතිරෙන බව කවුරුත් දන්නවා. හුදෙක් පරිත්‍යාගයන්ගෙන් නොනැවතී සනීපාරක්ෂාවේ වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට හාපික් නිරන්තරයෙන් කටයුතු කරන්නේ ඒ නිසයි. වැසිකිළි භාවිතා කිරීමේදී සෑම කෙනෙකුම, තමන්ගේ සහ අන් අයගේ යහපත් වෙනුවෙන්, නිසි සනීපාරක්ෂක පුරුදු අනුගමනය කළ යුතුයි. මෙම වසරේ තේමාව වනිසුව ජන මෙහෙයුම’ යන්න අපගේ අරමුණ මැනැවින් නිරූපණය කරනවා. ඉදිරියේදී තවත් වැඩසටහන් රාශියක් ඔස්සේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළුව සමාජයේ සියලුම කාණ්ඩ සමග අත්වැල් බැඳගනිමින්, මේ වැදගත් පණිවිඩය වඩාත් පුළුල් ලෙස සන්නිවේදනය කිරීම අපගේ බලාපොරොත්තුවයි.” චානුක පෙරේරා මහතා වැඩිදුරටත් පැවසී ය.

Visits: 56