ChildFund Sri Lanka පරිත්‍යාගශීලීන් සමඟ එක්ව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකරයි

ChildFund Sri Lanka විසින් කොවිඩ්-19 වෛරසයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමේ කර්තව්‍යයේ නියුතු සෞඛ්‍ය නිලධාරීන්ට ක්‍රියාකාරී සහයෝගයක් ලබා දීම සඳහා දියත් කර ඇති වැඩපිළිවෙලට සමගාමීව සිදුකරන ලද තවත් වැඩසටහනක් 2021 අගෝස්තු මස 10 වන දින නිමා කළ බව පවසයි

ඒ අනුව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල වෙත පැමිණෙන කොවිඩ්-19 ආසාදිත රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම් කාර්යක්ෂමව ලබාදීමේ අරමුණින් පුදුකුඩිරිප්පු  ප්‍රාදේශීය රෝහලේ ඉදිකරනු ලැබූ ඇඳන් 40 කින් සමන්විත තාවකාලික කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරනු ලැබ ඇත.

මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා යුද හමුදාව, ChildFund  Korea සහ VOICE Area Federation ඇතුළු පාර්ශවකරුවන් බොහෝ දෙනෙක් මෙම ව්‍යාපෘතිය සාර්ථක ව අවසන් කිරීම සඳහා සහයෝගය ලබා දී තිබේ.

තව ද, මෙම දායකකරුවන් පිරිස විසින් රෝහල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම, රෝහල් පරිශ්‍රයේ ඇති අනෙකුත් පහසුකම් ප්‍රතිසංස්කරණය හා නව  පහසුකම් ස්ථාපිත කිරීම  ආදී කර්තව්‍යන් ද සපුරා දී තිබේ. මීට  අමතර ව, රෝහල්  නේවාසිකාගාර සඳහා ඇඳ ඇතිරිලි සහ ලී භාණ්ඩ සම්පාදනය කිරීම,  දුර සිට රෝගීන් අධීක්ෂණය කිරීම සඳහා CCTV අධීක්ෂණ කැමරා පද්ධති සැකසීම සහ බඩු බාහිරාදිය තැබීම සඳහා සුදුසු පසුබිමක් සකස් කර දීම සඳහා ද ඔවුන්  පියවර ගෙන තිබේ.

මෙම ව්‍යාපෘතියේ ගොඩනැගී ඇත්තේ, ChildFund Sri Lanka සංවිධානය විසින් වසංගතයෙන්  පීඩාවට පත්වූවන් මුහුණ  දෙන අභියෝග අවම කිරීමට දක්වන කැපවීම,  කොවිඩ්-19 වසංගතය මර්දනයට සහන අවශ්‍යතා සපුරාලීම ශක්තිමත් කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති  ‘Sri Lanka Gives Back’ අරමුදල සහ විවිධ පාර්ශවකරුවන් ගේ දායකත්වය මඟිනි.

කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානය සාර්ථකව පිහිටුවීමේ ක්‍රියාවලිය සඳහා ChildFund Sri Lanka හි “1-1  match’  ක්‍රමවේදය සුවිශේෂී දායකත්වයක් සපයා තිබේ. මෙහි දී, සෑම පරිත්‍යාගයක් සඳහාම  ChildFundසංවිධානය විසින් එම පරිත්‍යාගයන් හා සමාන දායකත්වයක් ලබා දෙන ලද බව පවසයි.

Views: 34