රුසියානු යුද නෞකාවක් සහ සබ්මැරීන දෙකක් කොළඹ වරායට එයි

රුසියානු නාවික හමුදාවවේ පැසිෆික් නාවික බලඇණියට අයත් Gremyashchiy නම් යුද නෞකාව සහ B-603 හා B-274 යන සබ්මැරීන දෙකක ඊයේ දිනයේ කොළඹ වරාය වෙත පැමිණීම සිදු විය.

මෙම නෞකාව වෙත සහ සබ්මැරීන දෙක වෙත අවශ්‍ය සැපයුම් ලබා ගැනීම වෙනුවෙන් මෙලෙස ඒවා කොළඹ වරාය වෙත පැමිණ තිබෙන බව නාවික හමුදාව සඳහන් කරයි.

විදේශ අමාත්‍යාංශය සහ නාවික හමුදාව ඇතුළුව මෙරට බලධාරීන්ගේ පූර්ණ අවසරය අනුව මෙම යුද නෞකාව සහ සබ්මැරීන දෙක කොළඹ වරාජය වෙත ඇතුළු වී තිබේ.

මෙම නෞකාව සහ සබ්මැරීන දෙක පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹවරාය පරිශ්‍රයේ විශේෂ උත්සවයක්ද සංවිධාය කර තිබී ඇත.

නෞකාවට අවශ්‍ය සැපයුම් සිදු කරන අවස්ථාවේදී මෙරට නාවික හමුදාපතිවරයාද සබ්මැරීන වෙත ගොඩවී ඒවා නිරීක්ෂණය කළ බවත් පැවසෙයි.

මෙම සබ්මැරීන දෙකම දිගින් මීටර් 73ක් පමණ වෙයි. Gremyashchiy නම් යුද නෞකාව රුසියාව විසින් නිපදවා ඇති බහුකාර්යය නෞකාවක් ලෙස සැලකෙයි. එය දිගින් මීටර් 106.3ක් පමණ වෙයි.

මෙම යුද නෞකාව සහ සබ්මැරින දෙක හෙට දිනයේදී කොළඹ වරායෙන් පිටත්වයාමට නියමිතව තිබේ.

Views: 109