වෙස්ටර්න් යුනියන් සහ මනිග්‍රෑම් ප්‍රේෂණ ලබාගන්නන්ට කොමර්ෂල් බැංකුවෙන් ‘ඩබල් කෑෂ්’

ලොව ප‍්‍රමුඛතම මුදල් පේ‍්‍රෂණ සේවාවන් දෙකක් වන වෙස්ටර්න් යුනියන් සහ මනිග‍්‍රෑම් සමග එක්ව කොමර්ෂල් බැංකුව ආරම්භ කර තිබෙන ඉතාමත් ආකර්ෂණීය නව ප‍්‍රවර්ධන වැඩසටහන මගින් මෙම සේවාවන් දෙක ඔස්සේ මෙරටට මුදල් ගෙන්වා ගන්නා අයට එම මුදල් දෙගුණ කර ගැනීමේ අවස්ථාව හිමිවී ඇතැයි පවසයි.

මාස දෙකක් පුරා ක‍්‍රියාත්මක කරන මෙම ‘ඩබල් කෑෂ්’ ප‍්‍රවර්ධන වැඩසටහන මගින් සතිපතා සිදුකරන දිනුම් ඇදීම් වලදී කොමර්ෂල් බැංකුවේ වාසනාවන්ත පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් 16 දෙනෙකුට රුපියල් 800,000 ක් දක්වා ත්‍යාග මුදල් පිරිනැමීමට කටයුතු කරන බව බැංකුව සඳහන් කරයි.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන කොමර්ෂල් බැංකු ශාඛාවකින් වෙස්ටර්න් යුනියන් සහ මනිග‍්‍රෑම් පේ‍්‍රෂණ සේවාවන් ඔස්සේ මුදල් ගෙන්වා ගන්නා සියළුම දෙනාට විවෘත වන අතර මෙම සේවාවන් දෙක සඳහා ජයග‍්‍රාහකයින් දෙදෙනෙකු බැගින් සතිපතා තෝරා ගැනීමට බැංකුව කටයුතු කරනු ඇත. මෙහිදී, ජයග‍්‍රාහකයෙකුට හිමිවන උපරිම ත්‍යාග මුදල රුපියල් 500,000 ක් වනු ඇත.

2021 නොවැම්බර් 15 වනදා දක්වා පැවැත්වෙන මෙම ප‍්‍රවර්ධන වැඩසටහනින් සතිපතා තෝරාගන්නා ජයග‍්‍රාහකයින්ට කොමර්ෂල් බැංකුවේ ගිණුමක් තිබෙනවා නම් එම මුදල් ත්‍යාග එදිනම ඔවුන්ගේ ගිණුම් වලට බැර කරන බව බැංකුව සඳහන් කරයි. මෙම ජයග‍්‍රාහකයින්ට කොමර්ෂල් බැංකුවේ ගිණුමක් නොමැති නම් අදාළ තොරතුරු කොමර්ෂල් බැංකු ශාඛාවකට ලබාදී ගිණුමක් විවෘත කිරීමෙන් පසුව අදාළ ත්‍යාග මුදල් ඉක්මනින්ම ලබාගත හැකිබව බැංකුව පවසයි.

මීට අමතරව, කොමර්ෂල් බැංකුවට සෘජුවම පේ‍්‍රෂණ ගෙන්වා ගන්නා ගනුදෙනුකරුවන් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් හෝ සමාන මුදල් ඒකක මාරු කිරීමේදී පවතින විනිමය අනුපාතයට වඩා රුපියල් 02 ක් වැඩිපුර ගෙවීමට බැංකුව කටයුතු කර තිබේ.

මෙරට පේ‍්‍රෂණ අංශයේ වඩාත් ක‍්‍රියාකාරී බැංකුවක් වන කොමර්ෂල් බැංකුව විසින් ‘ඩබල් කෑෂ්’ ප‍්‍රවර්ධන වැඩසටහන නිර්මාණය කර තිබෙන්නේ වෙස්ටර්න් යුනියන් සහ මනිග‍්‍රෑම් මුදල් පේ‍්‍රෂණ සේවාවන් ඔස්සේ මුදල් ගෙන්වා ගන්නා අයව දිරිමත් කරමින් වැඩි වශයෙන් කොමර්ෂල් බැංකුව හරහා එම මුදල් ගෙන්වා ගැනීමටයි.

දිවයින පුරා පිහිටි 268 කින් යුතු ශාඛා ජාලය කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධානතම ශක්තියක් වී තිබෙන අතර මේවායින් බොහෝ ප‍්‍රමාණයක් රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු දින වලදීත් විවෘතව පවතී. එසේම, බැංකුව සතුවන 931 ක් වන දිවයින පුරා විහිදුණු ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර ජාලය ශ‍්‍රී ලංකාවේ පුද්ගලික වාණිජ බැංකුවක් සතු විශාලතම මුදල් නිකුත් කිරීමේ පද්ධතිය වේ.

කොමර්ෂල් බැංකුව වෙතින් පේ‍්‍රෂණ මුදල් ලබාගන්නා අයට නිවාඩු දින බැංකු මධ්‍යස්ථාන, සුපිරි වෙළෙඳසැල් කවුළු, පේ‍්‍රෂණ වෙනුවෙන්ම වෙන්වූ පාරිභෝගික සහාය ඇමතුම් මධ්‍යස්ථානයක්, පේ‍්‍රෂණ මුදල් බැංකුවට පැමිණ ගෙවීමට සූදානම් වනවිට කෙටි පණිවුඩයකින් දැනුම් දීම ඇතුළු ප‍්‍රතිලාභ මාලාවක් බැංකුව විසින් ලබාදෙයි. 

Views: 54