මත්තල සහ මාලේ අතර ශ්‍රී ලංකන් ගුවන් ගමන් 14 දා සිට
හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මාලදිවයිනේ වෙලේනා ගුවන් තොටුපොළ දක්වා ගුවන් ගමන් ලබන ඔක්තෝබර් 14 වැනිදා සිට ආරම්භ කරන බව මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් කාලසටහනකට අනුව සිදුකෙරෙන ගුවන් ගමන් වාරයක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
මෙහිදී හඳුන්වාදීමේ අවස්ථාව යටතේ සතියකට එක් වරක්, එනම් බ්‍රහස්පතින්දා දිනයේදී මෙම ගුවන් ගමන් සිදු වන අතර, ආරම්භය ලෙස ලබන බ්‍රහස්පතින්දා UL 1103 දරණ ගුවන් යානය පස්වරු 15.30ට මත්තල සිට මාලේ දක්වා පියාසර කරයි. එසේම එදිනම UL 1104 දරණ ගුවන් යානය එදින පස්වරු 17.45ට මාලේ සිට මත්තල දක්වා පියාසර කරයි.
මෙහිදී ආරම්භක ගුවන් ගමන් ගාස්තුව ලෙස එක්සත් ජනපද ඩොලර් 180ක මුදලක් නියම කෙරී තිබේ.


Hits: 86