ජාතික රූපවාහිනි නාලිකාවේ ‘ගුරු තලාව’ අධ්‍යාපනික වැඩසටහනට SLIIT ප්‍රධාන අනුග්‍රහය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උපාධිප්‍රධානයකිරීමේඋසස් අධ්‍යාපන ආයතනය වන SLIIT, ජාතික රූපවාහිණී නාලිකාව සමඟ සම්බන්ධ වෙමින් එම නාලිකාව හරහා මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට සූදානම් වන දු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීම වෙනුවෙන් විකාශනය කරනු ලබන ‘ගුරු තලාව’ අධ්‍යාපනික වැඩසටහන සඳහා ප්‍රධාන අනුග්‍රහක දායකත්වය ලබා දී ඇතැයි පවසයි.  

මෙරට පාසල් දරු දැරියන්ගේ දැනුම, ආකල්ප සහ කුසලතාවයන් වැඩි දියුණු කිරීම වෙනුවෙන් සෘජු හා වක්‍ර අධ්‍යාපනික වැඩසටහන් රාශියක් ජාතික රූපවාහිණී නාලිකාව විසින් පෙර සිටම විකාශනය කර ඇත. මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට සූදානම්වන සිසු දරුවන් සඳහා ‘ගුරු තලාව’ අධ්‍යාපනික වැඩසටහන ජාතික රූපවාහිණී නාලිකාව විසින් විකාශය කරනු ලබන්නේ පුනරීක්ෂණ පාඩම් මාලාවක් වශයෙනි.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් වී ඇති මෙවන් අවධියක රටේ ප්‍රවීණතම හා ජනප්‍රියතම ඇදුරු මඩුල්ලක් විසින් මෙහෙයවන මෙම වැඩසටහන මගින් උසස් පෙළ ගණිතය, විද්‍යාව, තාක්ෂණවේදය, වාණිජ්‍ය මෙන්ම කලා විෂයයන් ද ආවරණය කෙරේ.

වර්තමාන පාසල් දරුවන්ට මුහුණ දීමට සිදුව ඇති මෙම අභියෝගාත්මක අවස්ථාවට විෂය දැනුමෙන් පමණක් නොව අධ්‍යනකටයුතු වෙනුවෙන් මානසික වශයෙන් ශක්තිමත්ව සාර්ථකව මුහුණ දීම සඳහා SLIIT කැපවී ක්‍රියාත්මක වන අතර ජාතික රූපවාහිණී නාලිකාව විසින් ඉදිරපත් කරනු ලබන ‘ගුරු තලාව’ අධ්‍යපනික වැඩසටහන ඒ සඳහා විශාල රුකුලක් ලබාදෙයි. 

මෙම වැඩසටහන පසුගිය සැප්තැම්බර් මස 23 වනදා සිට සජීවීව විකාශය ආරම්භ කරනු ලැබූ අතර එහි සමාරම්භක අවස්ථාව සඳහාජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ අමාත්‍යාංශ ලේකම්වරයා ද, ජාතික රූපවාහිනි නාලිකාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ, ජාතික රූපවාහිණී අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂිකා එරීන් විජේකෝන්, ‘සක්යා’ ආයතනයේ සභාපති බණ්ඩාර දිසානායක සහ SLIIT හි කළමණාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේයන මහත්ම මහත්මීන් ඇතුළු තවත් ආරාධිත පිරිසක් සහභාගී වී තිබේ.

 ‘ගුරු තලාව’ සජීවී විකාශයට එක් වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් SLIITහි කළමණාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ පැවසුවේ දැනුම වර්ධනය කිරීම තුළින් ජීවිත සාර්ථක කිරීම SLIIT හි දැක්ම වන බවත් සිසුන්ට විෂයානු බද්ධ කාරණා හා පාඨමාලාවන්ට එහා ගිය අත්දැකීමක් සහිත දැනුමක් ලබාදීමට SLIIT නිරන්තරයෙන් පියවර ගන්නා බවයි.

මෙම ‘ගුරු තලාව’ වැඩසටහන වෙනුවෙන් පැවැති පූර්ව ප්‍රචාරක වැඩසටහනකදී අදහස් දක්වමින් SLIIT ඉංජිනේරු පීඨයේ පීඨාධිපති සමන් තිලකසිරි මහතා. ”සිත්ගන්නාසුළු අයුරින් දේශන පැවැත්වීම සඳහා සිසුන් ආකර්ෂණය කර ගැනීම පවතින දුරස්ථ අධ්‍යාපන රටාවන් ඔස්සේ විශාල අභියෝගයක්ව පැවතුනද SLIIT විසින් ඒ සඳහා පසුගිය වසරේ සිට ගුරුවරුන් දැනුම්වත් කිරීම හා පුහුණුක්‍රම වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වූවා.ඒ මඟින් එම අභියෝගය ජය ගැනීමටත් SLIIT විසින් හඳුන්වාදුන් Eduscope මෘදුකාංගය මඟින් මඟින් අධ්‍යාපන පාඨමාලා හා දේශන පටිගත කිරීමෙන් අනතුරුව ඒවා නැවත සිසුන්ට නැරඹීමට අවස්ථාව සලසා දීමටත් දේශන සඳහා ඒ තුළින් සිසුන්ගේ ගැටළු විසඳා ගැනීමටත් අත්වැලක් ලබාදීමට SLIIT කටයුතු කර තිබෙනවා.” යනුවෙන් පවසා තිබේ.

Visits: 44