පළමුවෙන්ම අවශ්‍ය විදුලි යතුරු පැදියක්ද?, ස්කූටරයක්ද? – Vega Innovations ජනතාවගෙන් අසයි

මෙරට තුළ විදුලි මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන Vega Innovations ආයතනය සිය මීළග නිෂ්පාදනය ලෙස විදුලි යතුරු පැදියක් හඳුන්වාදීමට යන බව පවසයි.

ඒ අනුව මෙහිදී ජනතාවගේ වැඩි කැමැත්ත විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් බයිසිකලයක්ද? එසේත් නැත්නම් ස්කූටරයක්ද යන්න එම ආයතනය ජනතාවගෙන් මතයක් විමසා සිටියි.

ඒ සඳහා වන අන්තර්ජාල සමීක්ෂණයක්ද, ‘විද්‍යුත් යතුරුපැදි පිළිබඳ සමීක්ෂණය‘ නමින් Vega Innovations විසින් අරඹා ඇති අතර, එහි ඇති කරුණු පුරවා මේ සඳහා වන අදහස ලබා දිය හැකිය.

ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලින් ඇති මෙම ෆෝරමය වෙත https://tinyurl.com/2rmzjsj2 ඔස්සේ පිවිසිය හැකිය.

Vega Innovations මගින් මේ දක්වා විදුලි මෝටර් රථයක්, විදුලි ත්‍රීවිලරයක්, විදුලි ATV යතුරු පැදියක් ඇතුළු නිෂ්පාදන රැසක් ඉදිරිපත් කර තිබේ. එසේම ඉදිරියේදී පවුලේ මෝටර් රථයක්ද එළිදැක්වීමටත් සූදානමින් සිටින බව පවසයි.

Views: 195