“ඉන්දියානු සාගරය තුළ ශ්‍රී ලංකාව තවදුරටත් මධ්‍යස්ථ රාජ්‍යයක්” – විදේශ අමාත්‍යාංශ ලේකම්

ශ්‍රී ලංකාව තවදුරටත් ඉන්දියානු සාගරය තුළ මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස කටයුතු කරන බව විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි. එසේම ශ්‍රී ලංකාවෙන් අන් රටකට කිසිදු තර්ජනයක් එල්ල නොවන බවත් ඔහු අවධාරණය කරයි.

මේ දිනවල එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 76 වැනි මහාසමුළුව වෙත සහභාගි වෙමින් සිටින අතරතුරදී එහි සංවිධානය කෙරුණු ‘Ocen Nations – An Indo – Pacific Islands Dialogue’ වැඩසටහනේදී විශේෂ ඇමතීමක් සිදු කරමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

“ශ්‍රී ලංකාව ඉදිරියටත් ඉන්දියානු සාගර කලාපයේ පිහිටි මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස කටයුතු කරාවි. අපි කිසිදු රාජ්‍යයක් වෙත පක්ෂපාතීත්වයක් නොදක්වමින් කටයුතු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව කිසිදු රටක් වෙත තර්ජනයක් වන්නේද නැහැ.” යනුවෙන් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා තිබේ.

නිව්යෝර්ක් නුවර පිහිටි ජපාන සමාජය නම් ආයතනය තුළදී මෙම අවස්ථාව සංවිධානය වී තිබී ඇති අතර ජාත්‍යන්තර සාමය සහ සසකාවා සාම පදනම එක්ව මෙම සාකච්ඡාව සංවිධානය කර තිබේ.

https://youtu.be/jHGHHo2optg ඔස්සේ මෙම අදහස් දැක්වීම සහ සාකච්ඡාව වෙත යොමු විය හැකිය.

Views: 61