අභියෝගයන්ට මුහුණ දීම සඳහා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයෙන් 5 වැදෑරුම් සැලසුමක්

ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) විසින් කොවිඞ්-19 වසංගතය හේතුවෙන් මතුවන අභියෝගයන්ට මුහුණ දීම සඳහා යොමුවන නොයෙකුත් අදහස් සම්බන්ධීකරණය කිරීමට සහ ඇඟළුම් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් පාර්ශවකරුවන්ගේ සහය ලබා ගැනීම සඳහා කරුණු 5 කින් (5Point) යුත් සැලසුමක් ඉදිරිපත් කර තිබේ.

මෙම කරුණු 5 නම් :

1              සේවකයින් සදහා ආරක්ෂිත සේවා පරිසරයක් සහතික කිරිම.

2              ඇඟළුම් සමාගම් සිය කාර්යභාරය පුළුල් කිරීම.

3              අපනයන වෙළෙදපොලේ ඉල්ලූම වැඩි කිරීම සහ රඳවා තබා ගැනීමට බලධාරීන් සමඟ සහයෝගීතාව වර්ධනය කර ගැනීම.

4              අනාගතය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය ජාත්‍යන්තරය තුළ ඉහළ ස්ථානයක රැඳවීම.

5              මෙම ක්ෂේත‍්‍රයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගේ තරගකාරීත්වය වර්ධනය කිරීම.

”මෙම තීරණාත්මක මොහොතේ වසංගතයෙන් මතුවන අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දීමට සමස්ත කර්මාන්තයම සහයෝගයෙන් කටයුතු කළ යුතුය. මෙම 5 Point සැලසුම අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සියලූම පාර්ශවකරුවන්ට භාවිතා කල හැකි වැඩපිළිවෙලක්.” යනුවෙන් JAAF හි මහලේකම් ටියුලි කුරේ මහතා පැවසුවේය.

මෙම සැලසුමේ මුල්ම පියවර අනුගමනය කරමින් සේවක ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් එන්නත්කරණ වැඩසටහනක් දැනටමත් ආරම්භ කර ඇත. අගෝසතු මාසය වන විට සේවක පිරිසෙන් 90% කට කොවිඞ් ප‍්‍රතිශක්තීකරණ එන්නතේ පළමු මාත‍්‍රාවත් 50% කට දෙවන මාත‍්‍රාවත් ලබා දී ඇත. එමෙන්ම ප‍්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ගේ සහයෙන් සේවක පිරිස් හි පවුල්වල සාමාජිකයන් සදහා ද එන්නත්කරණ වැඩසටහනක් දියත් කිරීමට කටයුතු සූදානම් කර ඇත. සැප්තැම්බර් මස අවසන් වන විට සමස්ත ඇඟළුම් ශ‍්‍රම බලකායට එන්නත් ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ එක්ව සෞඛ්‍ය හා කම්කරු අමාත්‍යංශ විසින් ලබා දෙන ලද මාර්ගෝපදේශවලට අනුව යමින් එන්නත්කරණයට අමතරව අනෙකුක් යටිතල පහසුකම් ද වැඩි දියුණු කරමින් ඇඟළුම් ක්ෂේත‍්‍රයේ සියලූම සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව සහතික කරන ලදී. සෞඛ්‍යාරක්ෂිත බව නගාසිටුවීමේ මූලිකම පියවරක් ලෙස සේවක පිරිසට මෙම වෛරසය සහ වෛරසයෙන් ආරක්ෂා වීම ගැන පූර්ණ දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කෙරිණි.

මෙම වැඩපිළිවෙලෙහි දෙවන උපායමාර්ගය වන ඇඟළුම් සමාගම් සිය කාර්යභාරය පුළුල් කිරීම සඳහා එරාවූර් ඇඟළුම් කර්මාන්ත උද්‍යානය ඉතා වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත. මෙමගින් කර්මාන්තයේ දේශීය අමතර වටිනාකම් 52% සිට 65% දක්වා සැලකිය යුතු ලෙස වැඩි කර ගත හැකි වනු ඇත. කෙසේවෙතත් මෙම මුලපිරීම්වල සාර්ථකත්වය රඳාපවතින්නේ ආයෝජන ආරක්ෂා කර ගැනීමට ඇති හැකියාව මතයි. අපනයන වෙළෙදපොලේ ඉල්ලූම වැඩි කිරීම සහ රඳවා තබා ගැනීමට බලධාරීන් සමඟ සහයෝගීතාව වර්ධනය කර ගැනීමට JAAF බලාපොරොත්තු වේ.

ඊට අමතරව JAAF ආයෝජන වැඩිකර ගැනීම සදහා තවත් ක‍්‍රම අනුගමනය කරනු ඇති අතර උදාහරණ ලෙස ජාත්‍යන්තර ආයෝජන වැඩසටහන්වලට සහභාගි වීම සහ දැනට ඇති හවුල්කාරීත්වයන් උපරිම ලෙස භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා උනන්දු කරවීම ආදිය දැක්විය හැකිය. මෙවැනි සාර්ථකව ක‍්‍රම යොදාගැනීම සඳහා දේශීය රෙදි පිළි නිෂ්පාදන ජාත්‍යන්තර ප‍්‍රමිතිය දක්වා ඔසවා තැබිය යුතුය.

යුරෝපා සංගමය විසින් GSP+ අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජය සමඟ JAAF සහයෝගයෙන් කටයුතු කරනු ඇත. කොවිඞ්-19 වසංගතයෙන් පසුව කර්මාන්තය ස්ථාවරව පවත්වාගෙන යාම සදහා මෙම හවුල්කාරීත්වය වඩාත් වැදගත්වනු ඇත. ඇඟළුම් අපනයනකරුවන් සඳහා විදෙස් වෙළෙදපොල ඉල්ලූම ඇති කරගැනීමට මෙන්ම එය එලෙසින්ම රඳවා තබා ගැනීම සදහා JAAF, වෙළෙඳ නියෝජිතයින් සමඟ ඉතා සමීපව කටයුතු කරයි.

එක්සත් රාජධානිය සහ චීනය සමඟ යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) අත්සන් කිරීම හරහා ද්විපාර්ශවීය එකඟතාවන්ට පැමිණීම මගින් ඇඟළුම් අපනයන සඳහා වෙළෙදපොළ අවස්ථා වැඩි දියුණු කිරීමට JAAF, ශ්‍රී ලංකා රජය සමග කටයුතු සූදානම් කරයි. මීට අමතරව ඉන්දියාවේ වෙළෙදපොළ තත්වයන් සහ අවස්ථාවන් පිළිබඳවත් සොයා බලනු ඇත.

ගෝලීය ඇඟළුම් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්කිරීම JAAF හි මූලික අරමුණ වේ. ඒ වෙනුවෙන් මෙරට තුළ ව්‍යාපාරික කටයුතු සඳහා හිතකර පරිසරයක් ඇති කිරීමට සංගමය පළාත් පාලන ආයතන සමඟ එක්ව කටයුතු කරයි. එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඇති ඉහළ නිපුණතා සහිත සැලසුම් සහ සංවර්ධන ක‍්‍රමෝපායන් මෙන්ම රැකියා අවස්ථාද ලංකාවට ලබාගැනීමට කටයුතු කරනු ඇත. 

තවද කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ව්‍යාපාර ශක්තිමත් කිරීම සදහා කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ ඇඟළුම් ක්ෂේත‍්‍රයේ තිරසාර වර්ධනය වෙනුවෙන් JAAF මහත් කැපවීමකින් කටයුතු කරනු ඇත. JAAF විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ව්‍යවසායකයන් මුහුණ දෙන පිළිබදව ඔවුන්ව දැනුවත් කිරීම, මූල්‍ය සහ අපනයන අවස්ථා පිළිබදව දැනුවත් කිරීම සඳහා කම්කරු දෙපාර්තුමේන්තුව සමඟ සම්බන්ධ වෙමින් රාජ්‍ය අවධානය ඔවුන් කෙරෙහි යොමු කරවීමට කටයුතු සූදානම් කරයිx

”මෙම 5 Point සැලසුම නිර්මාණය කර ඇත්තේ ප‍්‍රගතිය මැනීමට මෙන්ම ඊට අදාල අනෙකුත් සියලූ අංශ පිළිබදව නැවත නැවත සොයාබැලීම සහ වාර්තා කිරීම සඳහායි.” යනුවෙන් කුරේ මහතා තවදුරටත් පවසයි.

Views: 89