සිලෝන් ටොබැකෝ කම්පැනි රුපියල් 19 බැගින් ලාභාංශ ගෙවීමක
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගම (CTC.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. අද පැවැත්වුණු එහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 19.00ක් බැගින් ලාභාංශ ගෙවන බව සමාගම පවසයි.
මෙය 2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම බව සඳහන් වෙයි.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස සැප්තැම්බර් 10 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අගෝස්තු 23 වැනිදා නම් කෙරී තිබේ.
මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගම පවසයි.
අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී සිලෝන් ටොබැකෝ කම්පැනි කොටසක වටිනාකම රුපියල් 948.75ක් බවටපත්විය. එය ඊයේ දිනයේදී සමාගමේ කොටසක වටිනාකම වූ රුපියල් 950.00ට සාපේක්ෂව රුපියල් 1.25ක එනම් 0.13%ක පහත වැටීමකි.
සිලෝන් ටොබැකෝ කම්පැනි සමාගම පසුගිය ජූනි මාසයේදීද සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමක් සිදු කළ අතර, එහිදීද කොටසක් සඳහා රුපියල් 19.00ක් ලබා දිම සිදු විය. එය 2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබාදුන් පළමු අතරමැදි ලාභාංශ විය.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 232