මහ බැංකුවෙහි සේවක අර්ථසාධක අරමුදල් කවුළුව තාවකාලිකව වසා දැමේ

කොළඹ කොටුව ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතෙහි ලොයිඩ්ස් ගොඩනැගිල්ලේ බිමි මහලේ පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි මහජන සේවා කවුළුව අගෝස්තු 20 දක්වා වසා තැබෙන බව මහ බැංකුව නිවේදනය කරයි.

මහ බැංකුවෙහි සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි මහජන මහජන සම්බන්ධතා විමසීම් අංශයට අනුයුක්තව සේවය කළ නිලධාරින් කිහිප දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයන් ලෙස හඳුනාගැනීම මීට හේතුව වී තිබේ.

කෙසේ වෙතත් සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි අනෙකුත් සේවා හා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන බවමහ බැංකුව පවසයි.

මේ පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරයි. එසේත් නැත්නම් www.epf.lk  වෙබ් අඩවිය වෙත පිවිසෙන ලෙසත් මහ බැංකුව සියලුම සේවායෝජකයන්ට සහ සාමාජිකයන්ට දැනුම් දී සිටියි.

Visits: 41