HCL සමාගම තම ශ්‍රී ලංකා මධ්‍යස්ථානය පිහිටුවීමට Cinnamon Life හි ‘The Offices’ තෝරාගනී

කොළඹ නගරයේ අතිනවීන පහසුකම් වලින් සමන්විත නවතම කාර්යාලයීය කුලුන වන Cinnamon Life ව්‍යාපෘතියේ ‘The Offices’ තම ශ්‍රී ලංකා මධ්‍යස්ථානය ලෙස තෝරාගැනීමට, ලොව ප්‍රමුඛතම තාක්ෂණ සමාගමක් වන HCL Technologies තීරණය කර ඇතැයි පවසයි

ඒ අනුව එම සමාගම ‘The Offices’ හි කාර්යාල අවකාශයන් අතරින් 80% ක ප්‍රමාණයක් භාවිතා කරනු ඇත. ජාත්‍යන්තර සමාගමක් මේ ආකාරයක මෙරට A ශ්‍රේණියේ කාර්යාලයීය කුලුනක කාර්යාල අතරින් බහුතරය වෙන්කරවා ගත් ප්‍රථම අවස්ථාව මෙයයි.

මේ සඳහා වන ගිවිසුමට HCL Technologies සහ John Keells Holding (JKH) යන සමාගම්වල නියෝජිතයන් විසින් පසුගියදා අත්සන් තබන ලදි.

HCL සමාගම මේ ආකාරයට ප්‍රධාන බදු ගැනුම්කරු ලෙස එක්වීම, සමස්තයක් ලෙස Cinnamon Life ව්‍යාපෘතියේ අගය තවත් වැඩි කරන සාධකයකි. මේ ඔස්සේ තවත් දේශීය හා ජාත්‍යන්තර සමාගම් රැසක්මෙම ව්‍යාපෘතිය වෙත ආකර්ෂණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම ජාත්‍යන්තර සමාගමක් මේආකාරයට මෙරට තුළ තම ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට සැලසුම් කිරීම, දකුණු ආසියාවේ ව්‍යාපාරික කේන්ද්‍රයක් බවටපත්වීමට කොළඹ නගරය සතුහැකියාව පිළිබඳ මනා සාක්ෂියක් ලෙසද සැලකිය හැකි ය.

කොළඹනගරයේ සුවිශේෂී ස්ථානයක පිහිටා තිබීම, නවීනතම පහසුකම් වලින් සමන්විත වීම සහ උසස් ප්‍රමිතිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරමින් ඉදිකර තිබීම යනාදිය, Cinnamon Life ව්‍යාපෘතියේ ‘The Offices’ තෝරාගැනීමට HCL සමාගම යොමුකරවූ ප්‍රධානතම සාධක ලෙස සැලකේ.

“ශ්‍රී ලංකාව තුළසිදුකරනව්‍යාපාරකටයුතුසම්බන්ධයෙන් අපසතු අනාගතසැලසුම් ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් Cinnamon Lifeකාර්යාල පරිශ්‍රයන්හි පවතින බව අපට පෙනී ගියා. කොළඹ නගර මධ්‍යයේ පිහිටි මේ සුවිශේෂී කුලුන, ඩිජිටල් යුගය තුළ නව සංකල්ප සමගින් ඉදිරියට යන ජාත්‍යන්තර තාක්ෂණික සමාගමක අනන්‍යතාව මැනවින් සංකේතවත් කළහැකි ස්ථානයක් ලෙස හැඳින්වීමට පුළුවන්.” HCL Technologies සමාගමේ ආයතනික උප සභාපතිනිය වන ශ්‍රීමතී ශිවශංකර් මහත්මිය පැවසුවා ය.

මීට පෙර HCL Technologies සමාගම ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ ගෝලීය සංවර්ධන මධ්‍යස්ථානය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් 2020 සැප්තැම්බර් මාසයේදී නිල වශයෙන් විවෘත කරන ලදි. එතැන් පටන්, Fortune 500 සමාගම් වලට විවිධ සේවාවන් සපයන ප්‍රමුඛතම සමාගමක් ලෙස HCL Technologies සමාගම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දෙමින්  සිටී.

John Keells Holdings සමාගමක්‍රියාවට නංවා ඇති දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life ඉදිරියේදීකොළඹ නගරයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කාමර 800 කින් යුත් සුඛෝපභෝගී තරු පහේ හෝටලයක් (Cinnamon Hotel), සාප්පු හා විනෝදාස්වාද සංකීර්ණයක්, ඉහළම පහසුකම් සහිත සම්මන්ත්‍රණ ශාලා, A ශ්‍රේණියේ කාර්යාල වලින් සමන්විත කුලුනක් සහ නේවාසික කුලුනු දෙකක්(‘The Residence’ සහ ‘The Suites’) මෙම ව්‍යාපෘතියට ඇතුළත් වී ඇත.

“ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන HCL සාදරයෙන් පිළිගනිමින්, ඉදිරි වසර කිහිපයේදී ශ්‍රී ලංකාව තුළ ඔවුන් අත්පත් කරගැනීමට නියමිත වර්ධනයට පදනමක් සැපයීමට හැකිවීම අපට මහත් සතුටක්. එමෙන්ම, HCL සමාගම තම ප්‍රධාන කාර්යාලය පරිශ්‍රය ලෙස Cinnamon Life තෝරාගැනීම යනු, මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී අප සතුවූ දීර්ඝකාලීන දැක්ම කෙතරම් ඵලදායීද යන්නට මනා සාක්ෂියක්. ඉදිරි වසරේදී හෝටලය සහ සාප්පු සංකීර්ණය ඇතුළුව අනෙකුත් අංගද විවෘත වූ පසුව Cinnamon Life සමගින් කොළඹ නගරය දකුණු ආසියානු කලාපයේ සංචාර, විනෝදාස්වාද හා සාප්පු සවාරි කේන්ද්‍රස්ථානයක් බවට පත්වේවි.” John Keells Holdings හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පැවසී ය.

‘නගරයක් තුළ නගරයක්’ (City within a city) ලෙස හැඳින්විය හැකි Cinnamon Life, කොළඹ නගරයේ ‘ජීවන රටා අගනගරය’ බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉහළම තලයේ සාප්පු සංකීර්ණ සහ විනෝදාස්වාද මධ්‍යස්ථාන ඇතුළුව තවත් අති-නවීන අහසුකම් රාශියක් මීට ඇතුළත් වනු ඇත. 

සුප්‍රකට ශ්‍රී ලාංකික-බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පියෙකු සහ කතුවරයෙකු වන සෙසිල් බැල්මොන්ඩ් මහතා විසින් සැලසුම් කරන ලද Cinnamon Life ව්‍යාපෘතිය වර්ග අඩි මිලියන 4.5 ක ප්‍රමාණයක් ආවරණය කරයි. ඉදිරියේදී එය කොළඹ නගරයේ පමණක් නොව සමස්ත අර්ධද්වීපයේම ජීවන විලාසිතා හා විනෝදාස්වාද කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු නොඅනුමාන ය.

වැඩිදුරතොරතුරු සඳහා පිවිසෙන්න: www.cinnamonlife.com

Views: 154