එමිරේට්ස් ස්කයිවර්ඩ්ස් විසින් Earn a Mile-A-Minute in Dubai වැඩසටහන හඳුන්වා දෙයි

එමිරේට්ස් සහ ෆ්ලයිඩුබායි හි, සම්මානනීය ලෝයල්ටි වැඩසටහන වන ස්කයිවර්ඞ්ස් විසින් ඩුබායි හි නිවාඩුවක් ගත කරන අවස්ථාවේදී එහි සාමාජිකයින්ට සැතපුම් 5000 ක් දක්වා රැස්කර ගැනීමට අවස්ථාව ලබාදෙන  “Mile-A-Minute” (විනාඩියකට සැතපුමක්) විශේෂ වැඩසටහන දියත් කර ඇතැයි පවසයි.

එමිරේට්ස් ගුවන් සමාගමේ මධ්‍යස්ථානය වන ඩුබායි විසින් Expo 2020 පැවැත්වීමට සමගාමීව සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය විසින් සිය රන් ජුබිලිය සැමරීමට සමගාමීව මෙම විශේෂ ප‍්‍රතිලාභය ලබාදීමට සමාගම තීරණය කර ඇත.

2021 අගෝස්තු 01 වනදා සිට 2022 මාර්තු 31 වනදා දක්වා මිලදීගෙන 2021 ඔක්තෝම්බර් 01 වනදා සිට 2022 මාර්තු 31 වනදා දක්වා සංචාරය සඳහා වලංගු වන එමිරේට්ස් ගුවන් ටිකට් පත් සඳහා මෙම වැඩසටහන කි‍්‍රයාත්මක වන බව එමිරේට්ස් සඳහන් කරයි. 

2022 මාර්තු 31 වනදාට පෙර මෙම වැඩසටහනේ ලියාපදිංචි වන දැනට සිටින සහ නව එමිරේට්ස් ස්කයිවර්ඞ්ස් සාමාජිකයින්ට මෙහි ප‍්‍රතිලාභ emirates.com වෙතින් ලබාගත හැක.

ඔවුනට දැන් තම ගුවන් ටිකට් පත් වෙන්කර ගත හැකි අතර ඩුබාහි රැඳී සිටින කාලය තුළදී ස්කයිවර්ඞ්ස් සැතපුම් 5000 ක් දක්වා රැස්කර ගැනීමේ අවස්ථාව ඉන් උදාකර ගත හැකිවේ.  

එමිරේට්ස් ගුවන් සමාගම විසින් සිය පුළුල් ජාලය පදනම් කරගනිමින් මේ වනවිට ගමනාන්ත 120 කට වැඩි ප‍්‍රමාණයකට සිය සේවාව ව්‍යාප්ත කර ඇත. ගමනේ සෑම අදියරකදීම මගීන්ට උපරිම ආරක්ෂාවක් ලබාදීම සඳහා එමිරේට්ස් සමාගම ගුවන් යානා තුළදී මෙන්ම ගොඩබිමදී දැඩි ආරක්ෂිත ක‍්‍රියාමාර්ග අනුගමනය කර තිබේ. 

Visits: 66