මහවැලි කොකොනට් ප්ලාන්ටේෂන්ස් රුපියල් 1.50 බැගින් ලාභාංශ ගෙවීමක
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මහවැලි කොකොනට් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව සමාගම මගින් මෙතෙක් නිකුත්කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.50ක් බැගින් ලාභාංශ ගෙවීමට මෙහිදී යෝජනා වී ඇත.
මෙය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම බව සමාගම පවසයි.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ඔක්තෝබර් 18 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස සැප්තැම්බර් 28 වැනිදා නම් කෙරී ඇත.
කෙසේ වෙතත් මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව ඇති බවත් ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන සැප්තැම්බර් 27 වැනිදා පැවැත්වෙන බවත් මහවැලි කොකොනට් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම පවසයි.
අවසන්වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදුවුණු පසුගිය අගෝස්තු 06 වැනිදා දිනයේදී මහවැලි කොකොනට් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 35.80ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊට පෙර දිනයේ වාර්තා කළ රුපියල් 32.20 හා සැසඳීමේදී රුපියල් 3.60ක එනම් 11.18%ක ඉහළ යාමකි.
මහවැලි කොකොනට් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් වැඩිම ප්‍රතිශතය වන 5%ක ප්‍රතිශතයක් හිමිව ඇත්තේ දූනගහ පොල් නිෂ්පාදකයන්ගේ සමූපකාර සමිති සමාගම වෙතයි. එසේම සිල්වර්මිල් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම, සන්හිඳ මිල්ස් පෞද්ගලික සමිගම සහ සුරේෂ් ප්‍රනාන්දු යන සමාගම් සහ ආයෝකයන් වෙත 4%ක ප්‍රතිශතය බැගින් හිමිය.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/08/coco.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 167