HNB නැවතත් 2021 ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ශ්‍රේණිගත වෙයි

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය විශිෂ්ටත්වය ජාත්‍යන්තරය ඉදිරියේ මැනවින් විදහා දක්වමින් එක්සත් රාජධානියේ කීර්තිමත් ද බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව පස්වන වරටත් 2021 ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නැවත වරක් ශ්‍රේණිගත කර ඇතැයි පවසයි.

ද බෑන්කර් සඟරාව යනු 1926 සිට ජාත්‍යන්තර මට්ටමේ මූල්‍ය තොරතුරු සපයන බැංකුකරණය හා මූල්‍යය පිළිබඳව ලෝකයේ ප‍්‍රමුඛතම තොරතුරු මූලාශ‍්‍රය වේ. 1970 සිට ද බෑන්කර් සඟරාව සිදු කරනු ලබන ලෝකයේ හොඳම බැංකු 1000 ශ්‍රේණිගත කිරීම මෙම ක්ෂේත‍්‍රයේ මිණුම් දණ්ඩක් ලෙස සැලකෙන අතර එමඟින් බැංකු ක්ෂේත‍්‍රයේ ස්ථාවරත්වය හා මූල්‍ය ශක්තිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වන HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා ”පසුගිය වසර පුරාවට ගෝලීය හා දේශීය ආර්ථිකයන් පෙර නොවූ විරූ අභියෝගකට මුහුණ දීමට සිදු වුනා. අර්බුදකාරී හා පාලනය කරන ලද ආර්ථික ක‍්‍රියාකාරකම් සහිත වටපිටාවක් තුළ, තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් නව්‍ය හා කාර්යක්ෂම බැංකු සේවා ලබා දීම සඳහා පාරිභෝගිකයින්ට සහාය දක්වන උපායමාර්ගික ප‍්‍රතිචාරයන් සඳහා ලැබුණු උත්තේජනය වඩාත් වර්ධනය වුනා.

අතිශය අභියෝගාත්මක තත්වයකදීත් HNB හට මෙම සෑම අංශයකම නායකත්වය පෙන්නුම් කිරීමට හැකිවීම ගැන අප ආඩම්බර වනවා. මෙම තිරසාර කාර්යසාධනය, මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය හේතුවෙන් අඛණ්ඩව පස්වන වරටත් ලොව හොඳම බැංකු 1,000 අතරට නැවතත් පැමිණීමට අපට හැකි වුනා. අපගේ කණ්ඩායමේ විශිෂ්ටත්වය මෙන්ම නොසැලෙන කැපවීම මෙම ජයග‍්‍රහණය තුළින් තවදුරටත් තහවුරු වුනා.” යනුවෙන් පැවසුවේය.

දැනට පවතින අභියෝගාත්මක ආර්ථික තත්වයන් හමුවේ වුවද බැංකුව සිය අධිෂ්ඨානශීලි පරිවර්තනීය ගමනේ අඛණ්ඩව ඉදිරියට ගොස් ඇත. දුරස්ථව ගනුදෙනු කිරීම සඳහා පාරිභෝගිකයින්ට පහසු, පුළුල් හා සුරක්ෂිත විකල්පයන් බැංකුව සපයා දී ඇති නිසා ඩිජිටල් ලෙස ක‍්‍රියාත්මක මූල්‍ය සේවාවන් වෙතට මාරු වීම බැංකුව අඛණ්ඩ සාර්ථකත්වයක් අත් කර ගත්තේය.

ශ‍්‍රී ලාංකිකයන් ඩිජිටල් බැංකු වේදිකා වෙත මාරුවීමත් සමඟින් HNB, විශේෂයෙන් ඩිජිටල් ගෙවීම් අංශයේ පෙර නොවූ විරූ වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය.

පසුගිය වසර තුළදී, මහජනතාව අතර මුදල් රහිත ගෙවීම් පිළිබඳව දැනුවත්භාවය ඉහළ දැමීමට හා ඔවුන්ව දිරිමත් කිරීම සඳහා රටේ විවිධ ස්ථානවල ශ‍්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) ‘Rata Purama LANKA QR’ වැඩසහන ප‍්‍රවර්ධනය කිරීමට බැංකුව විශාල සහයෝගයක් ලබා දුන්නේය.

Views: 86