කැලණි කේබල්ස් රුපියල් 4.50 බැගින් ලාභාංශ ගෙවීම අගෝස්තු 24දා
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කැළණි කේබල්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 4.50ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව කැළණි කේබල්ස් පීඑල්සී සමාගම පවසයි.
මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍යවර්ෂය සඳහා ලබා දෙන අතමැදි ලාභාංශ ලෙසද නම් කෙරී ඇත.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අගෝස්තු 24 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස අගෝස්තු 04 වැනිදා නම් කෙරී තිබේ.
මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොවන බවද කැළණි කේබල්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.
ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී කැලනි කේබල්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 148.00ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේදී කොටසක අගය වූ රුපියල්148.25ට සාපේක්ෂව ශත 25ක එනම් 0.17%ක අඩුවීමකි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 184