ගාලු කොටුවට යළිත් ආ කාලතුවක්කු!
යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති, ඉහළ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් සහිත ගාලු කොටුව මත පෘතුගීසි යුගයට අයත් ලෝකඩ කාලතුවක්කු දෙකක ආකෘති දෙකක් ස්ථාපිත කිරීම පසුගියදා සිදුව තිබේ.
පෘතුගීසීන් විසින් ආරම්භ කර, ලන්දේසීන් විසින් ඉදි කළ ගාලු කොටුවේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් යටතේ මෙම කාලතුවක්කු ස්ථාපිත කිරීම සිදුව තිබේ.
ඒ අනුවේ ගාලු කොටුවේ මූන් බැස්ටියන් කොටසේ පෘතුගීසි යුගයට අයත් මෙම ලෝකඩ කාලතුවක්කු දෙකක් යලි ස්ථාපිත කර ඇතැයි සඳහන් වෙයි.
කල්පිටිය වෙරළට ඔබ්බෙන් හමු වූ පෘතුගීසි කාලතුවක්කුවක් ආදර්ශයට ගනිමින් මෙම කාලතුවක්ක දෙකෙහි අනුරූ ඉදිකර තිබේ.
ක්‍රි.ව 1478 -1521 අතර කාලයට අයත් යැයි සැලකෙන මෙම මුල් කාලතුවක්කුව අද වනවිට ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇතැයිද පැවසෙයි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/07/214686396_4288257847931449_8041238955487021424_n.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/07/218261490_4288257504598150_6857564549695549122_n.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/07/219854473_4288257224598178_4152816299040435667_n.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/07/224012699_4288258241264743_4713363787788805650_n.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/07/218355662_4288257747931459_1245922341060559899_n.jpg)
ඡායාරූප – චාමිකර පිලපිටිය
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 132