මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා රක්නා ප්‍රොපර්ටි හෝල්ඩිංග්ස් සහ BOI අතර එකඟතාවක්

රක්නා ආරක්ෂා ලංකා ලිමිටඩ් සමාගමෙහි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන රක්නා ප්‍රොපර්ටි හෝල්ඩිංග්ස් ලිමිටඩ් මගින් ක්‍රියාත්මක කරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා වන එකඟතාවකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමගින් පසුගියදා එකඟතාවකට පිවිස තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල සහ අධ්‍යක්ෂ ජනරාල් පසන් වනිගසේකර යන මහත්වරුන් සහ රක්නා ප්‍රොපර්ටි හෝල්ඩිංග්ස් හි අධ්‍යක්ෂ මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් සහ එම සමාගමේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) දුලත් එල්. විජේතිලක යන මහත්වරුන් මෙම එකඟතාව සඳහා අත්සන් තබා තිබේ.

කොළඹ 04 ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙම යෝජිත ව්‍යාපෘතියේ මූලික ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 33.8කි. මෙම ව්‍යාපෘතිය සතුව ඉහත කාක්ෂණයක් සහිත කුලියට මිලදී ගත හැකි ඉඩ පහසුකම් සහිත මහල් 20කින් සමන්විත කාර්යාලය සංකීර්ණයක් පවතී.

එසේම මෝටර් රථ ගාල් කිරීමේ පහසුකම්, විධායක මට්ටමේ සුඛෝපභෝගී නිවාස, සම්මන්ත්‍රණ ශාලාවක්, වහලය මත පිහිටි ඉහළ මට්ටමේ ආපනශාලාවක් ඇතුලුව තවත් සැපපහසුකම් මෙහි පවතින බව සඳහන් වෙයි.

Visits: 100