සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් රුපියල් 24.92 බැගින් ලාභාංශ ගෙවිමක
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී (BREW.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 24.92ක් බැගින් ලාභාංශ ගෙවීමට මෙහිදී තීරණය වී තිබේ.
මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බවද සමාගම සඳහන් කරයි.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අගෝස්තු 23 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස අගෝස්තු 03 වැනිදා නම් කෙරී තිබේ.
මෙම ලාභාංශ ගෙවීම සඳහා සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොවන බවද සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.
ලයන් බියර් සමාගම හිමි කාර්සන්ස් කුම්බර්බැච් සමාගමට අයත් පරිපාලිත සමාගමක් ලෙස සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මෙහෙයුම් සිදු කරයි. 2020 මාර්තු 31 වැනිදාවනවිට සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 74.93ක් හිමිව ඇත්තේ කාර්සන්ස් කුම්බර්බැච්පීඑල්සී සමාගම වෙතයි.
කොළඹ කොටස් හුවමාරුව තුළ අවසන් වරට ගනුදෙනු සිදු වුණු පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එහි කොටසක වටිනාකම රුපියල් 757.00ක් ලෙස සටහන්ව තිබුණි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 336