SLT-MOBITEL හඳුන්වා දුන් sltgo Wi-Fi දැන් පෙරගෙවුම් පාරිභෝගිකයන්ටත්

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL,තම sltgo Wi-Fi පහසුකම තවත් පුළුල් කරමින් පෙරගෙවුම්පාරිභෝගිකයන්ටද තම ස්මාර්ට් දුරකථන, ලැප්ටොප් සහ වෙනත් ජංගම උපාංග සඳහා අසීමිත Data පහසුකම් හිමිකරදීමට පියවර ගෙන තිබේ. මෑතකදී සිදුකරන ලද sltgo Prepaid Solutions දියත් කිරීමට සමගාමීව මෙම සේවාව හඳුන්වා දී ඇත.

මීට පෙර 2020 ඔක්තෝබර් මාසයේදී, ‘Residential Wi-Fi sharing’ සංකල්පයේ පුරෝගාමියා ලෙස සැලකෙන, ගෝලීය රැහැන් රහිත සේවා ජාලයක් වන Fon Wireless Limited සමග එක්වී SLT-MOBITEL විසින් sltgo ජාලය හඳුන්වා දෙන ලදි.

Fon Wireless Limited සමග ඇතිකරගත් හවුල්කාරීත්වය මගින්, රට පුරා hotspot ස්ථාන මිලියනයකට අධික සංඛ්‍යාවක් ස්ථාපිත කිරීමටහැකියාව ලැබී ඇත. මෙවැනි පොදු Wi-Fi සේවා විසඳුමක් දකුණු ආසියානු කාලය තුළ ක්‍රියාත්මක කරන ලද්දේ ප්‍රථම වරට ය.

මෙම සේවාව ක්‍රියාත්මක කිරීමත් සමග පාරිභෝගිකයන්ට 2 Mbps  වේගයක් සහිත අසීමිත අන්තර්ජාලපහසුකම් සලසන පෙරගෙවුම් අවසර පත්‍ර(Prepaid passes) මිලදී ගැනීමට අවස්ථාව ලැබේ. වලංගු කාලසීමාව අනුව පැය 1, දින 1,සහ දින 7 වශයෙන් මෙම අවසර පත්‍ර කාණ්ඩගත කර ඇත. මෙම හඳුන්වා දීම,පෙරගෙවුම් පාරිභෝගිකයන්ට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටත්, මෙරටට පැමිණෙන විදේශිකයන්ටත් විශාල පහසුවක් වනු නොඅනුමාන ය.

දැනටමත් SLTMobitel Home Broadband සේවාවන් භාවිතා කරන පාරිභෝගිකයන්ටද, තම  පැකේජ වල සීමාව ඇතුළත මෙම පහසුකම භාවිතා කිරීමේ හැකියාව ඇත. මෙමගින් ලැබෙන වාසිය වන්නේ,ගමන් බිමන් යන අවස්ථා වලදී,sltgo app හරහා හෝ sltgo portal හරහා ළඟම පිහිටි Wi-Fi hotspot ස්ථානයට ස්වයංක්‍රීයව සම්බන්ධ වීමයි. දැනට තමන් භාවිතා කරන Home Broadbandපරිශීලක නාමය හා මුරපදය ඇතුළත් කිරීම මගින් හෝ පෙරගෙවුම් කාඩ්පතක් මිලදී ගැනීමෙන් Community Wi-Fi සාමාජිකයන්ට අන්තර්ජාලයට පිවිසිය හැකි වේ. ශ්‍රී ලංකාවේ විශාලතම Wi-Fi hotspots ජාලය SLT-MOBITEL සතු බැවින්, පාරිභෝගිකයන්ට තම නිවසේ සිටියදී වුවද සුපුරුදු පරිශීලක නාමය හා මුරපදය ඇතුළත් කිරීමට හැකි වනු ඇත.

SLTMobitel Home Broadband ජාලය තුළ ලියාපදිංචි වී නොමැති පාරිභෝගිකයෙකුට වුවද, පෙරගෙවුම් අවසර පත්‍රයක් ලබාගෙන, එහි දක්වා ඇති අංකය ඇතුළත් කිරීම මගින් අන්තර්ජාලයට පිවිසිය හැකි වේ. එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ සංචාරකයන්ටද මෙලෙස පෙරගෙවුම් කාඩ්පතක් මිලදී ගැනීම මගින් අන්තර්ජාල පහසුකම් භාවිතා කිරීමට හැකියාව ලැබෙනු ඇත. ලොව පුරා Wi-Fi hotspots මිලියන 23 කට අධික සංඛ්‍යාවක් ඇති නිසා ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ලොව කොතැන සිටියත් මෙම සේවාව භාවිතා කළ හැකි වේ.

Sltgo පෙරගෙවුම් සේවාව හඳුන්වා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා පැවසුවේ, වෙනත් ජාල භාවිතා කරන්නන්ටද පෙරගෙවුම් Wi-Fi අවසර පතක් මිලදී ගැනීම මගින් SLTMobitel Home Broadband සේවාවට පිවිසී අධිවේගී අසීමිත අන්තර්ජාල පහසුකම් අත්විඳිය හැකි බවයි.

“මෙම සේවාව පෙරගෙවුම් පාරිභෝගිකයන්ට සහ SLTMobitel Home Broadband පාරිභෝගිකයන්ටද ලබාදීමට හැකිවීම අපට සතුටක්. විශේෂයෙන්ම වර්තමානය වැනි අධිවේගී යුගයක, ජංගම ඩිජිටල් උපාංගයක් හිමි ඕනෑම කෙනෙකුට ඩිජිටල් සම්බන්ධතාවක් තිබීම කොතරම් වැදගත්ද යන්න පිළිබඳ අප හොඳින් දැනුවත්. මෙම සේවාව භාවිතා කිරීමට විදේශ සංචාරකයන්ට අවස්ථාව ලබාදීම මගින්, ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණය අතින් ඉදිරිගාමී තත්ත්වයක සිටින බවත්, නවීන තාක්ෂණය භාවිතයට බෙහෙවින් උනන්දු බවත් ඔවුන්ට පෙන්වා දිය හැකියි.” දහනායක මහතා වැඩිදුරටත් පැවසී ය.

Views: 83