පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් වෙතින් රු.බිලියන 8ක ණයකර නිකුතුවක්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත පීපලස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී වෙතින් රුපියල් බිලියන 8ක් වටිනා ණයකර නිකුතුවක් සිදු කිරීමට තීරණය කර ඇතැයි පවසයි.
ඒ අනුව මෙහිදී ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂීතනොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගත හැකි ණයකර කොටස් මිලියන 80ක් නිකුත් කරන බව පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සලින් මහතා ලිපියක් මගින් දැනුම් දී සිටියි.
එහිදී එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 8ක් (8,000,000,000ක්) ලෙස නම් කර තිබේ.
කෙසේ වෙතත් මෙම නිකුතුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බැංකු නොවන මූල්‍ය සමාගම් නියාමන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත්, මෙම ණයකර ලැයිස්තුගත කෙරෙන කොළඹ කොටස් හුවමාරුවේ අනුමැතියද ඊට හිමිවිය යුතුව ඇති බවත් මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.
පීපලස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මහජන බැංකුවෙහි පූර්ණ අනුබද්ධිත පරිපාලිත සමාගමකි.