වැලිබල් වන් රුපියල බැගින් ලාභාංශ ගෙවීම ජූනි 30 දා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වැලිබල් වන් පීඑල්සී සමාගම (VONE.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳව තීරණය ගෙන තිබේ.

ඒ අනුව වැලිබල් වන් පීඑල්සී සමාගම මගින් මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවීම සිදු කරන දිනය ලෙස ලබන ජූනි 30 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන ජූනි 10 වැනිදා නම් කෙරී තිබේ.

සමාගම සඳහන් කරන අකාරයට මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සඳහා එහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශව නැත.

වැලිබල් වන් පීඑල්සී සමාගම පසුගිය පෙබරවාරි මාසයේදීද කොටසකට ශත 50 බැගින් ලාභාංශ ගෙවීමක් නිවේදනය කළ අතර, එය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම විය. එසේම එහිදී කොටස් ලාභාංශ ගෙවීමක්ද සිදු කෙරිණි.

අද දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී වැලිබල් වන් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 55.60ක් ලෙස සටහන්ව තිබුණි. එය ඊයේ දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 56.60ට සාපේක්ෂව රුපියලක එනම් -1.77%ක පහත වැටීමකි.

Views: 204