සැම්සන් ඉන්ටර්නැෂනල් කොටසකට රු. 2 බැගින් ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සැම්සන් ඉන්ටර්නැෂනල් පීඑල්සී (SIL.N) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් දැනට නිකුත් කර තිබෙන සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2 බැගින් ලාභාංශ නිකුත්කරන බව පවසයි.

මෙම ලාභාංශ ගෙවීම 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන් සිදු කරන අවසන් ලාභාංශ ගෙවීම බවද සමාගම සඳහන් කරයි.

ඒ අනුව ලබන ජූනි 17 වැනිදා මෙම ලාභාංශ ගෙවන දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූනි 08 වැනිදා නම් කෙරී තිබේ.

මෙහිදී මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය අවශ්‍ය නොමැති බවත් බවත් සැම්සන් ඉන්ටර්නැෂනල් පීඑල්සී සමාගම පවසයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී සැම්සන් ඉන්ටර්නැෂනල් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 148.25ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේ කොටසක් සඳහා පැවැති වටිනාකම විය.

පසුගිය 2020 වසරේ අගෝස්තු මාසයේදීද (2019/2020 මූල්‍ය වර්ෂය වෙනුවෙන්) සැම්සන් ඉන්ටර්නැෂනල් පීඑල්සී සමාගම මගින් සිය කොටස්හිමිකරුවන් වෙත රුපියලක් බැගින් ලාභාංශ ගෙවා තිබේ. ඊට පෙර 2019 වසරේදී (2018/2019 මූල්‍ය වර්ෂය වෙනුවෙන්) සමාගම රුපියල් 2 බැගින් ලාභාංශ ගෙවා ඇත.

මෙරට මුල් පෙළේ පාවහන් සන්නාමයක් වන DSI සමාගම සහ Samson PVC සමාගම සැම්සන් ඉන්ටර්නැෂනල් පීඑල්සී සමාගම යටතේ ක්‍රියාත්මක වෙයි.

Views: 224