SLTMobitel මගින් Colombo City Center සුඛෝපභෝගී නිවාස smart කරයි

නවෝත්පාදනයේ පුරෝගාමියෙකු වන SLT-MOBITEL, දැනට පවතින නවීනතම තාක්ෂණය භාවිතයෙන්, Colombo City Center සුඛෝපභෝගී නිවාස එකතුව,smart විසඳුම්වලින් සමන්විත සුවිශේෂී නිවාස අත්දැකීම් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට පියවර ගෙන තිබේ. SLTMobitel Smart Home සේවාව ඔස්සේ මෙය සිදුකර ඇත.

SLTMobitel Smart Home යනු පාරිභෝගිකයන්ට නවීනතම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ තම ජීවන රටාවන්ගේ පෙරළියක් අත්විඳීමට අවස්ථාව සලසා දෙන සේවාවකි. පෙර නොවූ විරූ පහසුවක් සමගින් දුරස්ථව තම නිවාස නිරීක්ෂණය කිරීමේ හැකියාව මෙන්ම නිවසේ හෝ කාර්යාලයේ උපාංග දුරස්ථව හැසිරවීමේ හැකියාවද මෙමගින් හිමි වේ. සරල ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) භාවිතයෙන් මෙය සිදුකළ හැකි නිසා, පාරිභෝගිකයන්ගේ වටිනා කාලය හා ශ්‍රමය ඉතිරි වන අතර,ඔවුන්ගේ නිවාස වල ආරක්ෂාවද සිතැඟි පරිදි තහවුරු කරගත හැක.

Smart Home උපාංග හා IoT (Internet of Things) උපාංග එකතුවක් අතර සම්බන්ධතාව ගොඩනැංවීම ඔස්සේ SLTMobitel Smart Home විසඳුම් ක්‍රියාත්මක වේ. මෙහිදී නිවැසියන්ට ඕනෑම ස්ථානයක සිට තම නිවසේ අදාළ උපාංග පාලනය කළ හැකි වේ. දුරස්ථ නිරීක්ෂණය, උෂ්ණත්වය සංවාතනය (HeatVentilation), වායු සමීකරණය, සහ විදුලි පහන් ක්‍රියාත්මක කරවීම යනාදියට අමතරව, නිවැසියන්ගේ ජීවන රටාවන්ට අනුව තවත් බොහෝ දේ මීට එක්කළ හැක.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Colombo City Centre හි අධ්‍යක්ෂ අලෙවි හිරුෂ්ක ප්‍රනාන්දු මහතා මෙසේ පැවසී ය. “Colombo City Centre නිවාස යනු, ගැනුම්කරුවන්ට උපරිම වටිනාකමක් තිළිණ කරන, සුඛෝපභෝගී බව සම්බන්ධයෙන් නව ආදර්ශයක් සනිටුහන් කරන නිවාස එකතුවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මේ ආකාරයට SLT-MOBITEL සමග එක්වී, අපගේ නිවාස හිමියන්ට ජාත්‍යන්තර තලයේ තොරතුරු තාක්ෂණ සම්බන්ධතාවක් මෙන්ම විශිෂ්ට මට්ටමේ විනෝදාස්වාද හා ස්වයංක්‍රීයකරණ (Automation) අත්දැකීමක්ද ලබාදීමට හැකිවීම අපට මහත් සතුටක්. බොහෝ දෙනෙකු අනාගතයේදී තමන් සතු කරගැනීමට අපේක්ෂාවෙන් සිටින ‘Smart Home’ අත්දැකීම, අපගේ නිවාස හිමියන් වෙතසමීප කරවීමටSLTMobitel Smart Home සේවාව මගින් හැකිවී තිබේ.”

SLT හි ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “Smart Home තාක්ෂණය අනාගතයේදී සියලුම නිවාසවල අනිවාර්ය අංගයක් වේවි කියා අප සිතනවා. මේ ආකාරයට Colombo City Center නිවාස හිමියන්ට පහසුව හා සිතේ සැහැල්ලුව අත්කර දීමට මෙන්ම, ඔවුන්ගේ ජීවන රටාවන් වඩාත් නැණවත්, සුරක්ෂිත හා කාර්යක්ෂම බවට පත්කිරීම සඳහා Smart Home තාක්ෂණය හඳුන්වා දීමට Colombo City Center ව්‍යාපෘතිය සමග එක්වීමට ලැබීම අපට සතුටක්.”

රැහැන් රහිත සම්බන්ධතාවට අමතරව,ජංගම යෙදුමක් (App)මගින්, අන්තර්ජාලය ඔස්සේ හෝ Alexa සේවාව මගින් තමන්ට කැමති පරිදි සන්නිවේදන පහසුකම් හෝ විනෝදාස්වාදය අත්විඳීමටද SLTMobitel Smart Home සේවාව භාවිතා කරන්නන්ට අවස්ථාව හිමි වේ. එමෙන්ම ස්මාර්ට් තාක්ෂණය මගින් විදුලි පහන් පාලනය කිරීම සහ Smart Lighting විශේෂාංග භාවිතා කිරීම ද සිදුකළ හැක. Motion detection/smart camera තාක්ෂණයන් සමග නවීන දොර සීනු පද්ධතියක්, ඇඟිලි සලකුණු හා මුරපද භාවිතා වන දොර අගුලු පද්ධතියක් ඇතුළු ආරක්ෂක ක්‍රමවේදයන් ඔස්සේ පැය විසි හතර පුරා නිවෙස් වල ආරක්ෂාව තහවුරු වේ.

මේ ආකාරයට සිය පාරිභෝගිකයන්ට Smart ජීවිතයක අත්දැකීම් විඳගැනීමට අවශ්‍ය සියලු පහසුකම් සැලසීම සඳහා SLTMobitel Smart Home සූදානමින් සිටී. තාක්ෂණික මගපෙන්වීම හා නඩත්තුව පමණක් නොව දිවයින පුරා නොමිලේ බෙදාහැරීමහා සවිකිරීම, පැය 24 පුරා ඇමතුම් මධ්‍යස්ථාන සහය, විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක්, උපාංග සඳහා වසරක වගකීමක් සහ ආකර්ෂණීය පහසු ගෙවීමේ ක්‍රමද SLTMobitel Smart Home වෙතින් පාරිභෝගිකයන් වෙත හිමි වේ.

Visits: 587