ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ලාභාංශ ගෙවීම ශත 50යිලු
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැත්වූ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 50 බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම නිවේදනය කර සිටියි.
මෙහිදී 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා සිදු කරන අවසන් ලාභාංශ ගෙවීම ලෙසද මෙය සැලකෙයි.
මෙම ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූනි 25 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන ජූනි 04 වැනිදා නම් කෙරී තිබේ.
මෙහිදී මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.
කොළඹ කොටස් හුවමාරුවෙහි වැඩිම ප්‍රාග්ධනීකරණයක් හිමි සමාගම් අතර මුල් තැනෙහි පසුවන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම ඊයේ ගනුදෙනු නිමාවේදී රුපියල් 135.25ක් ලෙස සටහන්ව තිබුණි. එය සඳුදා එහි කොටසක වටිනාකම වූ රුපියල් 137.50 ට සාපේක්ෂව ශත -2.25ක එනම් -1.64%ක පහත වැටීමකි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 170