කොළඹ වරාය නගර පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
කොළඹ වරාය නගරයෙහි පරිපාලනය සම්බන්ධයෙන් පිහිටුවීමට යෝජිත විශේෂ කොමිෂන් සභාවට අදාළ පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 89 කින් සම්මත විය.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂව ඡන්ද 148ක් ද, විපක්ෂව ඡන්ද 59ක්ද හිමිව තිබේ.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ සහ අද දිනයේදී පැවැත් වුණු අතර, ඒ පිළිබඳ ඡන්ද විමසීම අද සන්ධ්‍යාවේදී පැවැත්වුණි.

Hits: 165