ඩීමෝ ලංකා සමාගම මස්කෙළියේ මෝකා A – ජල සැපයුම් ව්‍යාපෘතිය නිම කරයි
ඩීසල් ඇන්ඩ් මෝටර් ඉන්ජිනියරිං පීඑල්සී (ඩීමෝ ලංකා) සමාගමේ යාන්ත්‍රික ඉන්ජිනේරු ඒකකය මගින් නුවරඑළිය මස්කෙළියේ පිහිටි මෝකා වතුයායේ සිදු කළ මෝකා A – පානීය ජල සැපයුම් ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් කළ බව එම සමාගම පවසයි.
මෙම ජල පවිත්‍රාගාරය තුළ රළු වැලි පෙරණ දෙකක්, මන්දගාමී වැළි පෙරණ දෙකක්, ක්ලෝරීනීකරණ යන්ත්‍රයක් සහ ගබඩා ටැංකියකින් සමන්විත වෙයි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/05/184862131_4029983127088336_8736833670541289411_n-1024x577.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/05/185237886_4029982677088381_247787357878365783_n.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/05/183886338_4029982657088383_9198694406326582472_n.jpg)
ඩීමෝ ලංකා සමාගම සඳහන් කරන අකාරයට මෙම පවිත්‍රාගාරය සතුව දිනකට ජල ඝනමීටර් 200ක ධාරිතාවක් පිරිසිදු කිරීමේ හැකියාව පවතී.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය හරහා මස්කෙළියේ මෝකා වතුයායේ නිවාස 300කට පමණ පානීය ජල අවශ්‍යතාවන් සපුරා දෙන බවත් ඩීමෝ ලංකා සමාගම සඳහන් කරයි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 131