මෙරට සිදු කෙරෙන ඉන්දියානු ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලේ
මෙරට තුල සිදු කරනු ලබන ඉන්දියානු ව්‍යාපෘති වල ප්‍රගතිය සොයා බැලීම සඳහා වූ සාකච්ඡාවක් පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණු බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
එහිදී දැනට ක්‍රියාත්මක ඉන්දියානු ව්‍යාපෘතිවල ගැටළු සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ඉන්දියානු ව්‍යාපෘති සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස්, ඉන්දියානු මහකොමසාරිස් ගරු ගෝපාල් බග්ලේ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරුන් සහභාගි වී තිබේ.
එසේම ආර්.එම්.පී රත්නායක, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් සහ මුදල් රාජ්‍ය අමාත්‍යංශයේ වැඩබලන ලේකම් සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ සාකච්ඡාවට සහභාගි වී ඇත.

Hits: 45