OPPO A54 දැන් ශ්‍රී ලංකාවේ

ලොව smart උපාංග ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන OPPO සිය නවතම දුරකථන මාදිලිය වන OPPO A54 දැන් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.

ඉතාමත් අලංකාර දුරකථනය මාදිලියක් වන OPPO A54 විශිෂ්ට මට්ටමේ ඡායාරූප ලබාගත හැකිවන ආකාරයට සැලසුම් කර ඇත. එහි 3D Panel සඳහා යොදා ඇති ලෝහමය නිමාව මගින් එයට වැඩි ශක්තියක් සහ නොනැමෙනසුලු බවක් එක්වී ඇති අතර, අතේ රඳවා ගැනීමද පහසු වේ. මේ නිසාම මෙය ග්‍රෑම් 192 ක් වැනි අඩු බරකින් යුක්ත වන අතර, මිලිමීටර් 8.4 ක් තරම් සිහින් ය. දුරකථනයේ සමස්ත පෙනුම හා ස්වභාවයට සමගාමී වන ආකාරයට Middle Frame Process සඳහාද විශේෂ අවධානයක් යොමුකර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් XINDA Lanka (OPPO Sri Lanka)හි ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා මෙසේ පැවසී ය. ‘OPPO A Series දුරකථන මාලාව සැලසුම් කර ඇත්තේ පාරිභෝගිකයන්ගේ ජීවන රටාවට පහසුවක් එක්වන සහ එය වැඩිදියුණු කිරීමට අත්වැලක් වන ආකාරයටයි. OPPO A54 මාදිලියත් එම අරමුණ ඇතිවම නිර්මාණය කළ මාදිලියක්. නවීන නිමාවක් සමගින් විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් සහිත එයට යොදා ඇති 5000mAh බැටරිය සහ 18W Fast Charge තාක්ෂණය නිසා එදිනෙදා භාවිතය ඉතාමත් පහසුයි. එමෙන්ම විනෝදාස්වාදයට අවශ්‍ය දේවල් ගබඩා කර තබාගැනීමට උපකාරී වන ඉහළමතක ධාරිතාවක් OPPO A54 මාදිලියට ඇතුළත්. මේ නිසා සාමාන්‍යයෙන් ක්‍රියාකාරීත්වයෙන් අඩු ස්මාර්ට්ෆෝන් වර්ග භාවිතයේදී මුහුණ දීමට සිදුවන අපහසුතාවන්ගෙන් තොරව සිත් සේ OPPO A54 මාදිලිය භාවිතා කිරීමට පුළුවන්.”

සමීප ඡායාරූප සඳහා 13MP ප්‍රධාන කැමරාවක් සහ 2MP Macro කැමරාවක් යොදා ඇති අතර, Bokeh shots සඳහා 2MP කැමරාවක් යොදා ඇත. එමගින් පසුබිම blur කර, ඡායාරූපයට නැගීමට අවශ්‍ය දේ කැපීපෙනෙන පරිදි ඡායාරූප ගතහැකි වේ. “Dazzle Color මගින් Saturation සහ Brightness සමබර කරමින් ඕනෑම පසුබිමක ඡායාරූප වැඩිදියුණු කරයි. වීඩියෝ ලබාගැනීමේදී පසුපස කැමරාව මගින් slo-mo ලෙස 90FPS මට්ටමේදී 720P දර්ශන ලබාගත හැකි අතර Original, Gentle, Noon, Subtle ඇතුළු filter වර්ග 10 ක් භාවිතා කළ හැකි වේ.

OPPO A54 මාදිලිය එක්වරක් ආරෝපණය කිරීමෙන් සාමාන්‍යයෙන් දින 2.2 ක් භාවිතා කිරීම, පැය 19.9 ක් YouTube වීඩියෝ නැරඹීම හෝ පැය 23 ක කාලයක් WhatsApp භාවිතා කිරීම සිදුකළ හැක. බැටරිය අධි ආරෝපණය, පමණ ඉක්මවා බැස යාම, පරිපථ ලුහුවත් වීම සහ අධිවිදුලි ධාරා ආදිය මගින් ඇතිවිය හැකි හානි වැළැක්වීමේ ක්‍රම මෙන්ම සුරක්ෂිත ලෙස බැටරිය ආරෝපණය කිරීමට උපකාරී වන තවත් විශේෂාංග රැසක්ද OPPO A54 මාදිලියට යොදා තිබේ.

OPPO A54 මාදිලියට යොදා ඇත්තේ Mediatek Helio P35 (MT673) Octa-CORE ප්‍රොසෙසරයකි. HyperBoost මගින්, apps සහ games භාවිතයේදී බාධා ඇතිවීම වැළැක්වීමටත්, ක්‍රියාවන් කිහිපයක එකවර යෙදීමටත් හැකිවන ආකාරයට ක්‍රියාකාරීත්වය කළමනාකරණය කරයි. LCD display සහිත HD+ Screen මගින් අඩු brightness මට්ටමේදී පවා flicker වීම අවම කර දෑසට ඇතිවන වෙහෙස අවම කරවන අතර, Single Punch-Hole Display නිසා screen-to-body ratio මට්ටම 89.2% දක්වා වැඩිදියුණු වී තිබේ.

4GB RAM සහ 128GB සමගින් හඳුන්වා දෙන OPPO A54 මාදිලිය, Crystal Black සහ Starry Blue යන වර්ණ වලින්, රු. 46,990 කට මිලදීගත හැකිවනු ඇත. 2021 අප්‍රේල් 27 දින සිට OPPO ප්‍රදර්ශනාගාර මෙන්ම අබාන්ස්, සිංහගිරි සහ ඩයලොග් අලෙවිසැල් වෙතින්ද, BuyAbans සහ Daraz.lk වැනි අන්තර්ජාල අලෙවිසැල් වලින්ද එය මිලදීගතහැකි වේ.

Views: 77