ටෝනි රොබින්ස්ගෙන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට නායකත්ව පුහුණු අවස්ථාවක්

ලොව පුරා කීර්තිය දිනූ උද්යෝගීමක් පුහුණුකරුවෙකු ටෝනි රොබින්ස් සමඟ දින තුනහමාරක පමණ නායකත්ව පුහුණුවක් අන්තර්ඡාලය හරහා ලබා ගැනීමට දුර්ලභ අවස්ථාවක් ශ්‍රී ලාංකිකයින්ට උදා වී ඇත.

විශිෂ්ට පෞරුෂත්වය, නායකත්වය හා ව්‍යාපාර යන කේෂ්ත‍්‍ර තුළ ටෝනි රොබින්ස් විශාල ජනපි‍්‍රයත්වයක් ගොඩ නගා ගෙන ඇත.

පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ වසර 40 ක කාලය පුරා නෙල්සන් මැන්ඩෙලා, මිකායිල් ගෝ(ර්)බචෝ, තෙරේසා මව්තුමිය, ඩයනා කුමරිය වැනි අතීත පරම්පරාවේ සිට වර්තමානයේ ජනපි‍්‍රය පුද්ගලයන් වන සෙරීනා විලියම්ස්, ඔප්රා, ලියනාඩෝ ඩිකැප්රියෝ, බිල් ක්ලින්ටන්, කිම් කාඬේෂියන් සහ හියු ජැක්මන්, මාක් බෙනිඔෆ් සහ පිට්බුල් වැනි ක්ෂේත‍්‍රයේ ජනප‍්‍රිය පුද්ගලයින් සමඟ ඔහු කටයුතු කර ඇත.

තමාව සීමාකරනු ලබන විශ්වාසයන්ගෙන් ඈත් වන ආකාරය සහ තමන්ගේ හොදම අනුවාදය වන්නේ කෙසේදැයි හඳුන්වා දුන් ඔහුගේ ක්‍රියාකාරකම් සහ වැඩසටහන් මිලියන 50 කට අධික පුද්ගලයන් සඳහා පිටුවහලක් වී ඇත.

ශ්‍රී ලාංකිකයින්ට ටෝනි රොබින්ස්ගේ නායකත්ව පුහුණුවක් වන “Unleash the Power Within” සඳහා සහභාගී වීමේ දුර්ලභ අවස්ථාවක් උදා කරමින් අන්තර්ජාලය හරහා දින තුනහමාරක පමණ මනෝවිහිත පරිණාමනයක් හා නායකත්ව පුහුණුවක් ලබා ගැනීමට ප්‍රේක්ෂකයින්ට වී උදා ඇත.

ලොව පුරා සාමාජිකයින් එකතු කරගනිමින් 2021 ජුනි මස 3-7 කාලයන් හී මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහන රාජීව් ටල්රෙජා, රොබට් කියෝසාකි, ටී හාව්, ඊකර්, නාස් ඩෙයිලි, ජෝන් ඩි මාර්ටිනි වැනි ජාත්‍යන්තර පුහුණුකරුවන් හා දේශකයන් වෘත්තීය හා නායකත්ව පුහුණුව ලබා දෙන Success Zante Pvt Ltd මඟින් දේශීයව සිදු කරනු ලබයි.

“Unleash the Power Within” (UPW) යනු ටෝනි රොබින්ස් විසින් පවත්වනු ලබන යහපත් සෞඛ්‍ය, මූල්‍යමය නිදහස ලඟා කරගැනීම, වෘත්තීයමය හා පෞද්ගලික ජීවිතයේ ශක්තිමත් හා ගැඹුරු සබඳතාවයක් ගොඩ නගා ගැනීම පාදක කරගත් වැඩසටහනකි.

සාමාන්‍යයෙන් ඇමරිකාව, එංගලන්තය සහ ඔස්ටේ්‍රලියාව වැනි රටවල පවත්වනු ලබන UPW සඳහා  තම ජීවිත වෙනස් කර ගැනීමේ අරමුණින් අවම වශයෙන් රටවල් 126 කින් 12000- 15000 ක පමණ පිරිසක් ආකාර්ෂණය කර ගනු ලැබේ. මෙම අවුරුද්දේ වසංගත තත්වය හේතුවෙන් ප‍්‍රායෝගිකව නොපැවත් වූවද බොහෝ පිරිසකට දොරටු විවර කරමින් දුරස්ථව මෙම වැඩසටහන පවත්වනු ලබයි. මේ සඳහා පහසුකම් සැපයීම සඳහා නිරන්තරයෙන් භාෂා 15කට වඩා මෙය පරිවර්තනය වී ඇත.

UPW වෙබ් පිටුව හරහා ටිකට් හා මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකිය. එමෙන්ම ඔබට Success Zante කණ්ඩායම සමඟ 94768477700 යන දුරකථන අංකය හෝ සමාජ මාධ්‍ය හරහා සම්බන්ධ විය හැකිය.

Visits: 104