අගමැති මහින්ද ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට
2021/2022 වර්ෂය සඳහා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේදී තේරී පත් වුණූ බව අගමැති මාධ්‍ය අංශය පවසයි.
අද පස්වරුවේ පැවැති ආසියානු සංවර්ධන බැංකුවේ 54 වන වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම තනතුර ප්‍රදානය කෙරී තිබේ.
මුදල් අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම තනතුරට පත්වන විට ශ්‍රී ලංකාවේ ආසියානු සංවර්ධන බැංකු (ADB) අධිපතිධුරයද හොබවමින් සිටියේය.
ජෝර්ජියාවේ ටිබිලිසි හි පැවැත්වීමට නියමිතව තිබූ මෙම වාර්ෂික මහා සභා රැස්වීම වර්තමානයේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
ඔස්ට්‍රියාවේ සහ මොන්ගෝලියාවේ ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන් මෙම රැස්වීමේ දී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු ලෙස තේරී පත් වී තිබේ.
ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන වසරේ කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇත.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 126