ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් cse නිල ලැයිස්තුවෙන් ඉවතට
කොළඹ කොටස් හුවමාරුවෙහි විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් යටතේ ලැයිස්තුගතව තිබූ ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම පසුගිය මාර්තු 18 වැනිදා සිට බලාත්මක වන පරිදි එම ලැයිස්තුවෙන් නිල වශයෙන් ඉවත් කෙරී ඇතැයි නිවේදනය කර සිටියි.
කොටස් හුවමාරුවෙහි ප්‍රධාන නියාමන නිලධාරී රේනුක විජේවර්ධන මහාතාගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් වී තිබේ.
ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම හා ඒකාබද්ධවීමෙන් අනතුරුව එය ඉදිරියට තනි සමාගමක් ලෙස කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම නමින් ක්‍රියාත්මක වීම ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම මෙලෙස කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීමෙන් ඉවත් කිරීමට හේතුව වී තිබේ.
මෙම ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කිරීම පිළිබඳ පළමු නිවේදය පසුගිය පෙබරවාරි 19 වැනිදා කොළඹ කොටස් හුවමාරුව මගින් සිදු කර තිබුණි.
එහිදී කොළඹ කොටස් හුවමාරුව විසින් ගන්නා ලද ඉහත කී තීරණය හේතුවෙන් පීඩාවට පත්වන අයෙකුට, මෙම නිවේදනය පළවී දින 14ක් ඇතුළත, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවත් කොළඹ කොටස් හුවමාරුව සඳහන් කර තිබුණි.
1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 53 වැනි වගන්තිය ප්‍රකාරව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින්, 2001 වර්ෂයේ දෙසැම්බර් 18 දිනැති අංක 1215/2 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් නිකුත් කර ඇති රීතීන් හි අංක 4 (2) දරණ රීතියට අනුකූලව මෙම ඉවත් කිරීම සිදු කර තිබේ.

Hits: 343