Daraz ජාත්‍යන්තර කාන්තා දිනය අභිමානයෙන් සමරයි!

ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාලගත අලෙවි අවකාශය ලෙස සුවහසක් පාරිභෝගික ආදර ගෞරවයට පාත්‍ර වූ Daraz මෙවර කාන්තා දිනය හා සමගාමීව Daraz සමග එක්ව සිටින කාන්තා ව්‍යවසායිකාවන්ගේ නිෂ්පාදන සඳහා විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් දියත්කොට ඇතැයි පවසයි.

Daraz.lkවෙබ් අඩවිය තුළ කාන්තාවන් උදෙසා සුවිශේෂී ඉඩකඩක් වෙන් කෙරෙන අතරඑහි800 කට අධික කාන්තා ව්‍යවසායිකාවන් හට ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදනයන්ගේ සිට සිල්ලර භාණ්ඩ දක්වාත්, ඇඳුම් පැළඳුම්, විලාසිතා, සුවඳ විලවුන් හා රූපලාවණ්‍ය නිෂ්පාදන, සෙල්ලම් බඩු, බෑග් සහ අත්කම් නිර්මාණ ඇතුළු 20, 000 කට අධික නිෂ්පාදන රැසක් අන්තර්ගතව ඇත.

තවද Darazවෙතින් මෙවර කාන්තා දිනය නිමිතිකොටගෙන ශ්‍රී ලාංකීය කාන්තා ප්‍රජාවට හරසර දක්වමින් රුපියල් මිලියන 2 කට අධික වටිනාකමකින් යුතු නැව් ගත කිරීමේ ගාස්තු “සම්පූර්ණයෙන්ම නොමිලේ” ලබාදෙයි.

ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ සුබසාධනය පිළිබඳ අවධානය යොමුකරමින් ඔවුන්ගේ දස්කම් විස්කම් එළිදැක්වීම උදෙසා Daraz ඉඩහසර ලබාදෙන්නේ කාන්තා ව්‍යවසායිකාවන් රැසක් සවිබලගන්වමිනි.යුධ හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු සෙල්ලම්බඩු සහ අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනය කරමින් Daraz සමග එක්ව ජයගත් දිරිය ව්‍යවසායිකාවක් වන Dharshi Visionඅධිපතිනි ශිරෝමි ප්‍රියදර්ශනී මහත්මිය Daraz පිළිබඳ අදහස් දක්වමින් “කුඩා නගරයක ජීවත්වෙන මගේ නිෂ්පාදන වැඩි පිරිසක් අතරට රැගෙන යන්න උදව් කළේ Darazමා හදවතින්ම ස්තූතිවන්ත වෙනවා Darazආයතනයට මට මේ වටිනාකම ලබාදුන්නාට.” යැයි පැවසුවාය.

Darazශ්‍රී ලාංකීය කාන්තා ප්‍රජාව සවිබල ගැන්වීමෙහිලා සිදුකරන මෙහෙවර හුදු කාන්තා දින සැමරීමකට සීමා නොවූ වසර පුරාම අඛණ්ඩව ක්‍රියාත්මක පුළුල් වැඩසටහනකි.රැකියා විරහිත කාන්තාවන් මෙන්ම විවිධ හේතූන් මත රැකියා අහිමි වූකාන්තාවන්ද ඇතුළුවදිවයින පුරා සිටින විවිධ වයස් කාණ්ඩයන්ගේ සෑම තරාතිරමකම කාන්තාවන් රැසක්හට ස්වාධීන හා ස්වයංපෝෂී ජීවන රටාවක් පවත්වාගැනීමට උපකාරීවන Daraz ව්‍යවසායකත්වය උදෙසා කාන්තාවන්දිරිගැන්වීමෙහිලා අධ්‍යාපනික හා පුහුණු වැඩසටහන් රැසක් පවත්වයි.

Dreamy Collections අධිපතිනි නිශාදි එදිරිසිංහ මහත්මිය අදහස් දක්වමින් “මම ඔන්ලයින් බඩුගන්න ගිහිල්ලා තමයි Darazඑක්ක එකතුවෙලා ගෙදර ඉඳගෙනම ව්‍යාපාරයක් කරන්න ඕනෑ කියන මූලික අදහස ආවේ. Darazපවත්වපු පුහුණු වැඩමුළු වලින් මම ව්‍යාපාරය පවත්වාගෙන යන හැටි හොඳින් දැනුවත් වුණා. මං වගේම ඕනෑම කාන්තාවකට පුළුවන් Darazඑක්ක එකතුවෙලා සුවපහසුවට නිවසේ සිටම තමන්ගේම ව්‍යාපාරයක් පටංගන්න.” යැයි පැවසුවාය.

Darazප්‍රධාන වෙළෙඳ නිලධාරිනී මුදිතා ප්‍රේමරත්න මහත්මිය “අනාගතයේදී ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම පාහේ ප්‍රධාන කාර්යභාරයන් කාන්තාවන් අතින් ඉටුවේවියැයි අපි විශ්වාස කරනවා. කාන්තා ව්‍යවසායිකාවන් අපේ ව්‍යාපාරයේ ප්‍රධානතම කොටස්කරුවන්, යම් විදිහකට ඔවුන් නොමැතිවුවොත් අපේ සේවාව මේ තරම් සාර්ථක මට්ටමකින් පවත්වාගෙන යන්නට හැකිවෙන්නේ නැහැ. කාන්තා ව්‍යවසායිකාවන්ටත් ඉටුකරගන්න අනාගත බලාපොරොත්තු, හැබෑ කරගන්නට සිහින තියෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් වෙහෙසෙද්දී අපි ඔවුන් සැමවිටම ශක්තිමත් කරනවා. මේ සියල්ල සමග අපේ රටේ ආර්ථිකයට කාන්තා ව්‍යවසායිකාවන්ගෙන් කැපීපෙනෙන දායකත්වයක් එකතුකරන්නට හැකිවෙනවා.” යැයි පැවසුවාය.

Daraz යනු පාරිභෝගික – වෙළෙඳ අපේක්ෂාවන් එකම සෙවණකදී ඉටුකරදෙන හුදු අන්තර්ජාලගත වෙළෙඳ අවකාශයක්ම පමණක් නොවේ. ශ්‍රී ලංකාවේ අනාගතය ශක්තිමත් කරන ආර්ථිකය සංවර්ධනය කරන ශක්තිමත් ව්‍යවසායකයන් පිරිසක් බිහිකරන්නට Daraz වෙහෙසෙන අතරවාරයේ කාන්තා ව්‍යවසායිකාවන්ගෙන් එයට ලැබෙන දායකත්වය අතිමහත් වේ.

වැඩි විස්තර සඳහා කියවන්න: https://blog.daraz.lk/
Daraz සමග එක්ව ජාත්‍යන්තර කාන්තා දිනය අරුත්ගන්වන්නhttps://click.daraz.lk/e/_6wcFh

Views: 27