හේලීස් ෆයිබර් සහ හේලීස් ෆැබ්රික් මුදල් ලාභාංශ දෙන්නේ ශත 25 බැගින්ලු
හේලීස් සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් දෙකක් වන හේලීස් ෆයිබර් පීඑල්සී සහ හේලීස් ෆැබ්රික් පීඑල්සී යන සමාගම් සිය කොටස් හිමිකරුවන් වෙත මුදල් ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.
පසුගියදා පැවැත්වුණු එම සමාගම් දෙකෙහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ අවසන් තීරණය ගෙන තිබේ. ඒ අනුව හේලීස් ෆැබ්රික් සහ හේලීස් සමාගම් දෙක මගින්ම නිකුත් කර ඇති සෑම කොටසක් සඳහාම ශත 25 බැගින් මුදල් ලාභාංශ ගෙවන බව එම සමාගම් සඳහන් කර සිටියි.
මේ අතරින් හේලීස් ෆයිබර් පීඑල්සී සමාගමේ මෙම ලාභාංශ ගෙවීම 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා වන දෙවැනි අතරමැදි ලාභාංශ අවස්ථාව ලෙස සටහන්ව තිබේ. එහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන මාර්තු 25 වැනිදා සඳහන් කෙරී ඇති අතර ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන මාර්තු 17 වැනිදා නම් කෙරී ඇත.
එසේම හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගමේ ලාභාංශ ගෙවීම 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා වන තෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසින් සඳහන් කෙරී ඇත. එහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන මාර්තු 24 වැනිදා සඳහන් කෙරී ඇති අතර ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මාර්තු 17 වැනිදා නම් කෙරී ඇත.
මෙහිදී සමාගම් දෙකෙහිම ලාභාංශ ගෙවීම සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොවීමත් විශේෂත්වයකි.
කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වුණු පසුගිය සිකුරාදා දිනයේදී හේලීස් ෆයිබර් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 46.30ක් ලෙස පැවැති අතර එය පෙර දිනයට සාපේක්ෂව කොටස් වටිනාකමේ ඉහළ යාමක් හෝ පහළ යාමක් වාර්තා කර නොතිබුණි.
එසේම හේලීස් ෆැබ්රික් සමාගමේ කොටසක වටිනාකම පසුගිය සිකුරාදා දිනයේදී රුපියල් 14.00ක් ලෙස සටහන්ව තිබූ අතර එය පෙර දිනයේ පැවැති රුපියල් 13.90ට සාපේක්ෂව ශත 10ක එනම් 0.72%ක ඉහළ යාමක් වාර්තා කර තිබේ.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 433