‘වටවල ටී සිලෝන් ලිමිටඩ්’ සමාගම ‘සන්ෂයින් කන්සියුමර් ලංකා ලිමිටඩ්’ වෙයි

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි 100%ක් පූර්ණ අනුබද්ධිත සමාගමක් වන වටවල ටී සිලෝන් ලිමිටඩ් සමාගමේ නම සන්ෂයින් කන්සියුමර් ලංකා ලිමිටඩ් ලෙස වෙනස් කෙරෙන බව සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී පවසයි.

සිය සමාගමේ වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG) අංශය තුළ සිදු කරන උපායමාර්ගික සැලසුමක් යටතේ මෙලෙස සන්ෂයින් කන්සියුමර් ලංකා ලිමිටඩ් සමාගම පිහිටුවන බව සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සඳහන් කරයි.

සුප්‍රසිද්ධ Zezta, වටවල සහ රන් කහට යන තේ සන්නාමවල හිමිකාරීත්වය පවතින්නේද වටවල ටී සිලෝන් ලිමිටඩ් සමාගම වෙතයි. එසේම අද වනවිට ඩේන්ටී සන්නාමයේ හිමිකමද එම සමාගම සතුව පවතී.  TATA Global Beverages සහ Pyramid Wilmar Plantations Pvt Ltd යන සමාගම්වල ඒකාබද්ධතාවෙන් වටවල ටී සිලෝන් ලිමිටඩ් බිහි වී තිබේ.

Views: 238