කොමර්ෂල් ඩිවලොප්මන්ට් කම්පැනි පීඑල්සී රු. 3.50 බැගින් ලාභාංශ ගෙවීමක
කොළඹ කොටස් හුවමාරුවෙහි දේපළ වෙළෙඳාම් අංශය තුළ ලැයිස්තුගත කොමර්ෂල් ඩිවලොප්මන්ට් කම්පැනි පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට යෝජනා කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මෙම යෝජනාව ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම කොටසක් සඳහාම රුපියල් 3.50ක් බැගින් ලාභාංශ ගෙවීමට යෝජනා වී ඇත. 2020 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා අවසන් ලාභාංශ ගෙවීම ලෙස මෙම ලාභාංශ ලබා දෙන බව සමාගම පවසයි.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස 20201 අප්‍රේල් 27 වැනිදා නම් කෙරී ඇත. එසේම ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අප්‍රේල් 01 වැනිදා නම් කෙරී ඇත.
මේ අතර අදාළ ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව තිබෙන බවත්, එම අනුමැතිය ලබා ගැනීම ලබන මාර්තු 31 වැනිදා පැවැත්වෙන සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමේදී සිදු කරන බවත් සමාගම පවසයි.
කොමර්ෂල් ඩිවලොප්මන්ට් කම්පැනි පීඑල්සී සමාගම මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුවෙහි පූර්ණ පරිපාලිත සමාගමකි. සමාගම තුළ කොමර්ෂල් බැංකුව සතු කොටස් ප්‍රතිශතය 93.85% කි. 1980 වසරේදී පිහිටවුණු මෙම සමාගම කොමර්ෂල් බැංකුවෙහි ප්‍රධාන කාර්යාලය ඉදිකිරීම සහ එය කළමනාකරණය කිරීම සඳහා පිහිටුවා තිබේ. අද වනවිට බැංකුවෙහි ප්‍රධානතම උපයෝගිතා සේවා සම්පාදකයා ලෙස එම සමාගම කටයුතු කරයි.
ඊයේ දිනයේදී කොමර්ෂල් ඩිවලොප්මන්ට් කම්පැනි පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 106.75ක් ලෙස සටහන්ව තිබූ අතර එය පෙර දිනයේ පැවැති කොටසක වටිනාකම වූ රුපියල් 114.00ට සාපේක්ෂව රුපියල් 7.25ක එනම් 6.36%ක අඩුවීමකි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 210