මත්තල සහ රත්මලාන ගුවන්තොටුපළ ගාස්තු නිදහස ජූලි 19 තෙක් දීර්ඝ කෙරේ
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සහ කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගොඩ බෑමේ සහ ගුවන් යානා නවතා තැබීමේ ගාස්තුවලින් නිදහස් කිරීමේ තීරණය මේ වසරේ ජූලි 19 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව පසුගිය සඳුදා (15දා) රැස්වුණු කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර ඇත.
සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සකස් කරන ලද විශේෂිත කාල සටහන් අනුව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර කුලී ගුවන් ගමන් මෙහෙයුම් සඳහා දිරි ගැන්වීමක් වශයෙන් මෙලෙස එම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දෙකෙහි ගොඩ බෑමේ සහ ගුවන් යානා නවතා තැබීමේ ගාස්තුවලින් නිදහස් කිරීම සිදු විය. 2020 දෙසැම්බර් මස 21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඊට අනුමැතිය හිමි විය.

Hits: 35