“වෛද්‍යවරයකු, මුද්‍රණ ශිල්පයේ ව්‍යවසායකයෙකු හා දැක්මක් සහිත දේශපාලනඥයෙකු වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා” – පා.ම. ඉරාන් වික්‍රමරත්න විසිනි

දින කිහිපයකට පෙර සිදුවූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ අභාවය වෛද්‍යවරයකු, මුද්‍රණ ශිල්පයේ ව්‍යවසායකයෙකු හා දැක්මක් සහිත දේශපාලනඥයෙකු ගේ වර්ණවත් ජීවිතය අවසන් කළේය.

වෛද්‍ය ප්‍රනාන්දු මහතා දේශපාලනයේදී ගත් සමහර ස්ථාවරයන් සමඟ මා එකඟ නොවන්නට ඇත නමුත්, මෙම සමාජයේ යහපත උදෙසා ඔහු සිතූ දේ පසුපස හඹා යාමේ ඔහුගේ ධෛර්යය හා දැක්ම අගය කරන්නෙක් වෙමි. ඔහුගේ ජයග්‍රහණ කිහිපයක් සහ වඩා හොඳ සමාජයක් බිහි කිරීමට දැරූ උත්සාහයන් ඉස්මතු කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

ඔහු සාර්ථක පෞද්ගලික වෛද්‍ය සේවාවක නිරතව ඇති අතර රෝගීන්ට ගෙවිය හැකි ද නැද්ද යන්න නොසලකා ඔවුන්ට ප්‍රතිකාර කර නමක් දිනා සිටියේය. ජනතාව කෙරෙහි දැක්වූ ප්‍රියතාවය හේතුවෙන් ඔහු ජනතාව සමඟ නිරතව සිටියේය.. සිටි බව ප්‍රදර්ශණය කළේය. මෙය දුටු එක්සත් ජාතික . පක්ෂය, 1977 මහ මැතිවරණයට තරඟ කිරීමට ඔහුට ආරාධනා කරන ලදී.

වෛද්‍ය ප්‍රනාන්දු, පානදුර වාමාංශික බලකොටුව පෙරලා දමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත්විය. කෙසේ වෙතත්, ඔහුගේ විවෘත අදහස් දැක්වීම් නිසා පාර්ලිමේන්තුවේ ඔහුගේ ධූර කාලය කෙටි වූ අතර ඔහු පාර්ලිමේන්තුවෙන් ඉවත් විය. ඔහු දැරූ විකල්ප අදහස් සමඟ ගැටෙන විට නායකත්වය ප්‍රශ්න කිරීමේ ප්‍රබලත්වයක් ඔහු සතු විය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිවාසිකම් ඉවත් කිරීමට විරුද්ධ වීම ගැන ඔහුව සැමවිටම සිහිපත් කරනු ඇත. රජයක් සිය බහුතරය තම විරුද්ධවාදීන් සමතලා කිරීමට යොදා ගන්නා විට. රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පක්ෂ පිළිවෙත අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කර ඔහුගේ හෘද සාක්ෂියට එකඟව ක්‍රියා කළේය.

වෛද්‍ය ප්‍රනාන්දු හෝටල්, වැවිලි, නිෂ්පාදන සිට අධ්‍යාපනය දක්වා විවිධ ක්ෂේත්‍රවල නියුතු වූ ව්‍යවසායකයෙකි. වෛද්‍ය ප්‍රනාන්දුගේ පවුලේ බොහෝ වෛද්‍යවරු, ඉංජිනේරුවන් සහ උගත් පුද්ගලයන් සිටියහ.  අධ්‍යාපනයේ වටිනාකම ඔහු දැන සිටියේය. අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ ඉලක්කය ඔහු විසින්ම සකසා ගන්නා ලදී.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන ඔහු වරක් පැවසුවේ, “අපිට මහ විශාල කර්මාන්ත පටන් ගන්න, නිෂ්පාදන සිදු කරන්න සම්පත් නෑ. තියන සීමිත සම්පත් වලින් ගොඩක් දේවල් කරන්න බෑ. එහෙමනම් අපි කරන්න ඕනේ අපේ ළමයින්ට දැනුම දීලා එයට නියම අගයක් ලබා දීමය. ඒ වෙනුවෙන් ආයෝජනය කරලා ඒ දැනුමෙන් අපිට පුළුවන් රට දියුණු කරන්න. මේකට පුද්ගලික අංශය, රජය වගේම රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයක් අවශ්‍යය” යන්න ඔහුගේ අදහස විය.

එවකට අමාත්‍ය විශ්වා වර්නපාලගේ දිරිගැන්වීම මත ඔහු සයිටම් ආයතනය පිහිටුවීමට කටයුතු කළේය. වෛද්‍ය විද්‍යාලයට සායනික පුහුණුව සඳහා ප්‍රවේශය අවශ්‍ය වේ. ඒ සඳහා රජයේ රෝහල්වලට ප්‍රවේශවීමට ඇති කළ බාධක ඉවත් කරනුවස් වත්මනයේ රජය විසින් පාලනය කරනු ලබන මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සායණික පුහුණුව වෙනුවෙන් ඉදි කළේය.
අප රටේ වෛද්‍ය අධ්‍යාපන ගැටලු සම්බන්ධයෙන් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා වරක් මාධ්‍යයකට මෙසේ ප්‍රකාශ කළේය.

“ඔබ හිතන්නේ ඇයි මේ වෛද්‍ය උපාධියට විතරක් විරෝධතා? ඒක තමයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ තියන කුහකකම. එයාලා බයයි වෛද්‍යවරු වැඩි වැඩියෙන් වෛද්‍ය වෘත්තියට ඇවිත් එයාලගේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකට පාර වදියි කියලා. ඒක නොකියා පෞද්ගලික අංශය විසින් ආරම්භ කරන ලද වෛද්‍ය වැඩසටහන් අවහිර කිරීමට වෙනත් විවිධ හේතු කියනවා”. (මව්බිම, 2017 ජූලි 23)

වෛද්‍ය අධ්‍යාපනය අපේක්ෂා කරන අපගේ ශ්‍රී ලාංකික සිසුන් ඉන්දියාවේ, නේපාලයේ, මැලේසියාවේ, බංග්ලාදේශයේ, ඕස්ට්‍රේලියාවේ, එක්සත් රාජධානියේ, චීනය සහ රුසියාව වැනි වෙනත් රටවල වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත්වේ.

ශ්‍රී ලංකා රාජ්‍යයේ නියාමනය සමඟ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් ඔහු උපරිමව ප්‍රයත්නයන් දැරීය. එමගින් විදේශයන්ට ඇදී යන විණිමය මෙහි ඉතිරිකර ගැනීමට හැකිවේ. එමෙන්ම, විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීමෙන් අන් රටවල් මෙන් අප රටට ද විදේශ විණිමය උපයාගැනීමට අවස්ථාව උදාවේ.

සයිටම් වෛද්‍ය විද්‍යාල ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ය. මම එවකට විපක්ෂයේ වූ අතර රාජපක්ෂ රජයේ මෙම ව්‍යාපෘතියට එදා විපක්ෂය විරුද්ධ වූයේ නැත. 2015 දී අප බලයට පත්වන විට ව්‍යාපෘතිය ඉදිරියට යාමට බාධා නොකළෙමු. රාජපක්ෂවරුන්ගේ මිත්‍ර පාර්ශ්වය ඔවුන්ම ආරම්භ කළ ව්‍යාපෘතියට විරුද්ධව ජනතාව පෙළඹවීමත් සමඟම මෙම ව්‍යාපෘතියට එරෙහි විරෝධය වේගවත් විය. මෙය බලය වෙනුවෙන් පටු දේශපාලන අබිමතාර්තයන් මුදුන් පත් කරවා ගැනීම ට තම ප්‍රතිපත්තිය පාවා දී ජනතාව නොමඟ යවන දේශපාලන ඛේදවාචකයේ එක් අවස්ථාවකි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ අයිතිය ඉවත් කිරීමට විරුද්ධ වීම සහ අපේ රටේ වෛද්‍ය සිසුන් පුහුණු කිරීමේ අවස්ථාව පුළුල් කිරීමට නිර්භීතව උත්සාහ කිරීම පිළිබඳව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සැමවිටම සිහිපත් කරනු ඇත. ඔහුගේ පරමාදර්ශය පුළුල් සමාජයේ යහපත උදෙසා අවසානයේ ජයග‍්‍රහණය කරනු ඇතැයි මා විශ්වාස කරමි.

Views: 58