බළල් ආහාර ලෙස බෙල්ජියමෙන් ආ රුපියල් කෝටි 13ක් වටිනා මත්පෙති
බළලුන්ට ලබා දෙන ආහාර ලෙස තැපෑලෙන් ලංකාවට ආ රුපියල් කෝටි 13 කට අධික වටිනාකමින් යුත් මත්පෙති තොගයක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි. එක්ස්ටසි (Ecstasy) නොහොතේ මෙතපිටමින් නම් මත්පෙති 18,000ක් මෙලෙස රේගු අත්අඩංගුවට පත්ව තිබේ.


ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශය සහ මධ්‍යම තැපැල් හුවමාරුවේ රේගු නිලධාරීන්ගේ ඒකාබද්ධතාවයෙන් මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනිම සිදු කළ බව පවසයි. බළලුන් සඳහා ලබා දෙන ආහාර පැකැට්ටු තුළ කිසිදු ලෙසකින් සැක නොසිතෙන ආකාරයට මෙම මත්ද්‍රව්‍ය තොගය අසුරා එවා තිබූ බවද රේගු නිලධාරීන් සඳහන් කරයි.
බෙල්ජියමේ සිට ගුවන් තැපැල් මගින් මෙම පාර්සලය හපුතලේ ප්‍රදේශයේ ලිපිනයකට මෙලෙස ලැබී තිබේ. මෙය ආසියාවේ සිදු කළ විශාලතම මත්පෙති වැටලීම ලෙස සැලකිය හැකි බවද රේගු මාධ්‍ය අංශය සඳහන් කරයි.

Hits: 21