LOLC, LOFC හා BRWN නිසා ASPI තවදුරත් ඉහළ යයි

අද දිනයේදී (ජනවාරි 07) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භයේ සිම වඩා ඉහළ ගැනුම්භරතාවක් පැවැති බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහි ප්‍රතිඵලයක් ලෙස දිනයේ පිරිවැටුම සඳහා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ලබා දුන් දායකත්වය 45%ක ප්‍රතිශතයක් බවට පත්ව ඇත.

එසේම එල්ඕඑල්සී, එල්ඕඑල්සී ෆිනෑන්ස් සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී යන සමාගම් වෙත දැක්වූ ආයෝජන ආකර්ෂණයත් සමගම අද දිනයේදීද සමස්ත කොටස් මිල දර්ශකය තවදුරටත් ඉහළ යාමක් සිදුව තිබෙන බවත් එම සමාගම් සඳහන් කරයි.

මේ අතර ඊයේ දිනයේදී නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී ඒ සඳහා සම්පූර්ණ ඉල්ලුමක් පෙන්නුම් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා එළිදැක් වූ පෙරදැක්ම 2021 මගින් ආයෝජකයන් අතර ඇති කර තිබෙන විශ්වාසය යළිත් තහවුරු කිරීමක් වන බවද තැරැව්කාර සමාගම් වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,054.15ත් ඒකක 7,114.30ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට ඒකක 7,097.84 ක් බවට පත්විය. එය ඊයේ (ජනවාරි 06) දිනයට සාපේක්ෂව ඒකක 61.08 ක් එනම් +0.87%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව බී.පී.පී.එල් හෝල්ඩිංග්ස් පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී, සියෙරා කේබල්ස් පීඑල්සී කොමර්ෂල් බැංකුව දිනයේ පිරිවැටුම සඳහා 18%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 74ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 123ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී BIL (+36.16), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+9.13), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+9.08),  එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+8.41),  බ්‍රවුන් හෝල්ඩිංග්ස් පීඑල්සී BRWN (+8.07),  ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී  JKH (-3.92),  එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-2.24),  ඩයලොග් ආසිආටා පීඑල්සී  DIAL (-1.87), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (-1.6), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (-1.45)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,692.56 ක අගයක් ගත් අතර, එය ඊයේ (ජනවාරි 06) දිනයට සාපේක්ෂව ඒකක 10.63 ක එනම් -0.39%ක පහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 9.14ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජනවාරි 06දා) වාර්තා කළ රුපියල් බිලියන 7.16ට සාපේක්ෂව 27% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.10 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 4.80%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 77.61ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 374.71ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 297.1කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 941.5ක් ලෙස සටහන්ව තිබේ.

දිනය තුළ විදේශයන්හි සිට විදේශයන් දක්වා සිදු වූ ගනුදෙනුවල වටිනාකම රුපියල් මිලියන 21.02කි.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 32.85කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සි විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 176.79ක් ලෙස සටහන්ව ඇත. මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 4,243ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ නිෂ්පාදන අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 46% ක අගයක් ගෙන තිබේ. ගෘහභාණ්ඩ සහ පෞද්ගලික නිෂ්පාදන සහ ප්‍රාග්ධන භාණ්ඩ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,343ක සහ රුපියල් මිලියන 1253ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 152