සෙන්ට්‍රල් ෆිනෑන්ස් සතු නේෂන්ස් ට්‍රස්ට් බැංකු කොටස් අඩු කිරීමටත් මහ බැංකුව වසරක් කල් දෙයි
නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙහි කොටස් හිමිකාරීත්වයක් සහිත සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමූහය වෙත එම හිමිකාරීත්වය 15%ක් දක්වා අඩු කරගැනීම සඳහා වන කාලය දිගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇතැයි පවසයි.
මහ බැංකුවේ බැංකු ආවේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබේ. ඒ අනුව සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමූහයට (සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සහ එහි සමූහ සමාගම් ඇතුළත්) මෙම කොටස් හිමිකාරීත්ව සීමා කිරීම සඳහා 2021 දෙසැම්බර් 31 වැනිදා දක්වා තෙක් කාලය ලබා දී තිබේ.
මේ අතර, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තුළ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහය (ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි සමූහ සමාගම් ඇතුළත්) සතු කොටස් ප්‍රමාණයත් සීමා කිරීම සඳහා ලබා දී තිබෙන කාලයත් මේ සමගම දීර්ඝ කිරීමට මහ බැංකුවේ බැංකු ආවේක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය යටතේ මෙම කොටස් ප්‍රතිශතයන් සීමා කිරීම් සඳහා උපදෙස් ලබා දී තිබුණි.
ඒ අනුව පිළිවෙලින් මෙම කොටස් හිමිකාරීත්වය 20% ක් සහ 15% ක් ලෙස අඩු කිරීම සඳහා 2021 දෙසැම්බර් 31 වැනිදා සිට 2022 දෙසැම්බර් 31 වැනිදා ලෙස කල් දිගුවක් ලබා දීමට මහ බැංකුව තීරණය කර ඇතැයි පැවසෙයි.
2019 දෙසැම්බර් 31 වැනිදා වන විට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් 19.74% ක ප්‍රතිශතයක් සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමූහය වෙත අයත්ව තිබේ. එහිදී සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සතුව 9.85෴ක ප්‍රතිශතයක්, සෙන්ට්‍රල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් පෞද් සමාගම වෙත 4.96% ක ප්‍රතිශතයක් සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් ග්‍රොව්ත් ෆන්ඩ් ලිමිටඩ් වෙත 4.93% ක ප්‍රතිශතයක් ලෙස එය බෙදී ඇත.
එසේම අද වනවිට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී වෙත අයත් නේෂන්ස්ට් ට්‍රස්ට් බැංකුවේ කොටස් ප්‍රතිශතය 29.52% කි. මෙහිදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සි වෙත අයත් 19.74%ක ප්‍රතිශතය සහ මැකින්සන් කීල්ස් ලිමිටඩ් සමාගමට අයත් 9.77% ක ප්‍රතිශතය එක්ව මෙම කොටස් ප්‍රතිශතය සැකසී ඇත.
මෙලෙස ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහය සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමූහය සතුව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඡන්ද හිමි කොටස් ප්‍රමාණය අඩු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙන බව 2017 වසරේ නොවැම්බර් 07 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු ආවේක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් දැනුම් දී තිබේ.
ඒ අනුව 2020 දෙසැම්බර් 31 වැනිදා මෙම සමාගම් දෙකම පිළිවෙලින් සිය කොටස් හිමිකමේ ප්‍රතිශතය 15% ක් දක්වා අඩු කළ යුතුව තිබී ඇත. එසේම 2018 මාර්තු 31 වැනිදා වනවිට ජෝන් කීල්ස් සමූහය සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමූහය සතු ඡන්ද හිමිකමද 10% ක් දක්වා අඩු කරන ලෙසද මහ බැංකු මුදල් මණ්ඩලය බැංකුව වෙත සඳහන් කර තිබූ බවත් පැවසෙයි.

Hits: 308