රේනුකා කැපිටල් විසින් ෂෝ වොලස් ඇන්ඩ් හෙජස් කොටස් මිලදී ගැනීමක
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන රේනුකා කැපිටල් පීඑල්සී සමාගම මගින් සිය රේනුකා හෝල්ඩිංග්ස් සමූහය යටතේ පවතින පරිපාලිත සමාගමක් වන ෂෝ වොලස් ඇන්ඩ් හෙජස් ලිමිටඩ් සමාගමේ කොටස් මිලදී ගැනීමක් සිදු කර ඇතැයි පවසයි.
පසුගිය දෙසැම්බර් 21 වැනිදා මෙම ගනුදෙනුව සිදුව තිබේ. මෙහිදී රේනුකා හෝල්ඩිංග්ස් මගින් ෂෝ වොලස් ඇන්ඩ් හෙජස් සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ප්‍රමාණයක් මෙන්ම සාමාන්‍ය නිශ්ඡන්ද කොටස් ප්‍රමාණයක්ද මිලදී ගැනීමක් සිදු කර ඇත.
ඒ අනුව මෙහිදී රේනුකා කැපිටල් පීඑල්සී සමාගම ෂෝ වොලස් ඇන්ඩ් හෙජස් ලිමිටඩ් සමාගමෙන් මිලදී ගෙන ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ප්‍රමාණය 20,000,000 කි. එහිදී එක් කොටසක් රුපියල් 11.54 බැගින් මිලදී ගෙන ඇති අතර සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් 230,800,000 ක් වෙයි.
එසේම මෙහිදී මගින් මිලදි ගෙන ඇති සාමාන්‍ය නිශ්ඡන්ද කොටස් ප්‍රමාණය 43,635,000 කි. එක් කොටසක් රුපියල් 9.23 බැගින් මිලදී ගෙන ඇති මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් 402,751,050 ක් වෙයි. රේනුකා ඩිවලොප්මන්ට්ස් (පෞද්) සමාගම සතුව තිබූ කොටස් මෙලෙස මිලදී ගෙන ඇත.