සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් හිමිකම් නිකුතුවෙන් වැඩිමනක් මිලදී ගෙන ඇත්තේ අධ්‍යක්ෂවරුන්මලු?
සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පසුගියදා සිදු කළ සිය හිමිකම් කොටස් නිකුතුවෙන් 62%කට ආසන්න ප්‍රතිශතයක් මිලදී ගෙන ඇත්තේ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ම බව වාර්තා පවසයි.
පසුගිය නොවැම්බර් 09 වැනිදා සිදු වුණු මෙම හිමිකම් නිකුතුවේදී සාමාන්‍ය කොටස් 165,390,848ක් නිකුත් කෙරුණු අතර එහි වටිනාකම රුපියල් 1,901,994,752 ක් විය. මෙහිදී එක් කොටසක් රුපියල් 11.50 බැගින් මිල කෙරී තිබුණි.
මෙම කොටස් හිමිකම් නිකුතුව සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් 15 වැනිදා වෙළෙඳ පොළ අනාවරණයක් සිදු කළ සොෆ්ට්ලොජික් සමාගම මෙහිදී පෙර සැලසුම් කළ පරිද්දෙන්ම කොටස් 165,390,848ක ප්‍රමාණයක් නිකුත් කළ බවත් එමගින් රුපියල් 1,901,994,752ක් උපයා ගත් බවත් පවසා තිබුණි.
මේ අතර පසුගිය දෙසැම්බර් 17 වැනිදා සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මගින් සිදුකළ තවත් අනාවරණයකට අනුව, දෙසැම්බර් 03 වැනිදා දිනයේදී සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සීහි සභාපති ආරොන් රසල් ඩේවිසන් සහ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වන එච්. හර්ෂ කයිමාල් දෙපළ විසින් කොටස් 102,651,791ක් මිලදී ගත් බව සඳහන් කර තිබුණි.
එහිදී කොටසක් රුපියල් 11.50 බැගින් මිලදී ගැනීමක් සිදු කර තිබූ අතර, එම ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් 1,180,495,596.5 ක් ලෙස සටහන් වී තිබේ. එහිදී මෙම ගනුදෙනුවට අදාළ කොටස් දෙසැම්බර් 14 වැනිදා අදාළ අධ්‍යක්ෂවරුන්ගේ සීඩීඑස් ගිණුම් වෙත බැර කිරිමක්ද සිදුව තිබේ.
ඒ අනුව මෙම කොටස් ප්‍රමාණය පසුගිය නොවැම්බර් 09 වැනිදා සිදු කළ හිමිකම් කොටස් නිකුතුවට ඇතුළත්ව තිබූ සමස්ත කොටස් ප්‍රමාණය වූ කොටස් මිලියන 165,390,848න් 102,651,791 ක් එනම් 61.8%ක ප්‍රතිශතයකි.

Hits: 469