Lanka SSL සමාගම ‘පර්මාවෙල්ඩ්’ වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ වෙළඳපොළට හඳුන්වා දෙයි

ඊ.බී. ක්‍රීසි සමූහයට (E B Creasy Group) අනුබද්ධ ලංකා ස්පෙෂල් ස්ටීල් ලිමිටඞ් (Lanka SSL) සමාගම පසුගියදා පොදු වෙල්ඩින් අවශ්‍යතාවයන් වෙනුවෙන් නිෂ්පාදිත පර්මාවෙල්ඩ් (Permaweld) වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ වෙළඳපොළට හඳුන්වා දුන් බව පවසයි.

ලංකා ස්පෙෂල් ස්ටීල් ලිමිටඩ් සමාගම අද වනවිට වානේ කර්මාන්තය සම්බන්ධයෙන් රට තුළ අවිවාදිත කීර්තියක් හිමි කරගැනීමට සමත්ව ඇති සමාගමකි.

මෙහිදී පර්මාවෙල්ඞ් වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ දිවයින පුරා බෙදා හැරීම සමූහයේ තවත් අනුබද්ධිත සමාගමක් වන ලක්ෂපාන බැටරීස් පී.එල්.සී සමාගම (Laxapana Batteries PLC) විසින් සිදු කෙරෙනු ඇත. ලක්ෂපාන බැටරීස් සමාගම වසර 70 ක් පුරා වාණිජ ආයතන හා නිවාස සඳහා දිවයිනේ හොඳම විදුලි ආලෝක විසඳුම් ලබාදුන් කීර්තිමත් සමාගමකි.

Lanka SSL සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රවීන් ද සිල්වා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් ‘‘පර්මාවෙල්ඩ් වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ අපි ශ්‍රී ලංකාවේ වෙළඳපොළට හඳුන්වා දෙන බව නිවේදනය කර සිටින්නේ ඉතාම සතුටින්. ඒ වගේම අපේ බෙදාහැරීම් හවුල්කරු වශයෙන් අපේ සමූහයේම සහෝදර සමාගමක් සහ ශ්‍රී ලංකාවේ කීර්තිමත් ව්‍යාපාරයක් වන ලක්ෂපාන බැටරීස් සමාගම අප හා එක් වීම අපට තවත් සතුටක්. මේ සහයෝගීතාවය සහ නව නිෂ්පාදනයේ විශිෂ්ටත්වය නිසා අපට වෙළඳපොළ තුළ විශාල සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා” යනුවෙන් පැවසීය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ලක්ෂපාන හාඩ්වෙයාර් බෙදාහැරීම් අංශයේ කළමනාකරු තුසිත කුරුප්පු මහතා, “පර්මාවෙල්ඞ් වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩවල ගුණාත්මක බව පිළිබඳව අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා. මේ නිෂ්පාදනය දැනටමත් දිවයින පුරා පෑස්සුම්කරුවන් අතර ජනප්‍රියත්වක් හිමි කරගෙන තිබීම එහි සාර්ථකත්වය සනාථ කරනවා. මේ නිෂ්පාදනය සමඟ අප සමාගම විසින් ඉදිරිපත් කරන නිෂ්පාදන පෙළ තවදුරටත් පරිපූර්ණ බවට පත්ව තිබෙනවා” යැයි පැවසීය.

Views: 231