ධම්මික පෙරේරා ‘DP Digital University’ නිදහස් මාර්ගගත ඉගෙනුම් වේදිකාව දියත් කරයි

  • පාසල් සිසුන්ට, උපාධිධාරීන්ට හා වෘත්තිකයන්ට මාර්ගගත ඉගෙනුම් සඳහා නොමිලේ ප‍්‍රවේශය
  • 8000කට අධික දැවැන්ත පාඨමාලා එකතුවක්
  • හාවඩ්, කේම්බි‍්‍රජ් වැනි ලෝ ප‍්‍රකට විශ්වවිද්‍යාල හා සම්බන්ධවෙමින් නොමිලේ පාඨමාලා

ශ‍්‍රී ලංකාවේ තාරුණ්‍යට රැකියා නියුක්තිය සඳහා වන සුදුසුකම් උදාකරදීම උදෙසා උසස් අධ්‍යාපන පහසුකම් පුළුල් කරමින්, සමාජ හිතකාමීන් වන ධම්මික පෙරේරා හා ප‍්‍රසිලා පෙරේරා විසින්, ලොව පුරා පිළිගත් විශ්වවිද්‍යාල හා ආයතන මඟින් පිරිනමන පුළුල් පාඨමාලා එකතුවකින් සමන්විත ‘DP Digital University’ මාර්ගගත  නිදහස් ඉගෙනුම් ද්වාරය දියත් කළ බව පවසයි.

ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ පෙර නොවූ විරූ සන්ධිස්තානයක් සනිටුහන් කරමින් මෙම නව වේදිකාව හාවඞ් , කේම්බි‍්‍රජ් MIT, IBM හා මොනෑෂ් වැනි ලෝ ප‍්‍රකට විශ්වවිද්‍යාල 55කට අධික ගණනක 8000කට අධික පාඨමාලා සඳහා ප‍්‍රවේශය ලබාදෙයි.

වැදගත්ම කරුණ වනුයේ, මෙම පාඨමාලාවන්ගෙන් බහුතරය, ස්වයං අධ්‍යාපනය සඳහා නොමිලේ ලබාදීම වන අතර සිය ආර්ථික හා සමාජීය තත්ත්වයන්ගේ බලපෑමකින් තොරව සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම තමන්ගේ පහසුව පරිදි තෝරාගත් වේලාවක, දුරස්ථව (ඔන්ලයින් හෙවත් මාර්ගගතව) ප‍්‍රවේශය ලබාගත හැකිය.

ධම්මික හා ප‍්‍රසිලා පෙරේරා පදනම වෙනුවෙන් ප‍්‍රකාශකයෙකු අදහස් දක්වමින් ‘ශ‍්‍රී ලංකාවට රටක් ලෙසින් උපරිම හැකියාවන් කරා ළඟා වීමට නම්, ජාතික ශ‍්‍රමබලකායේ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකිරීම සඳහා, අපගේ ජනතාව අවශ්‍ය දැනුමින් හා පුහුණුවෙන් සන්නද්ධ වීම අත්‍යවශ්‍යයි. මෙම මූලාරම්භය දියත් කිරීම සමඟ අපගේ අරමුණ වන්නේ සියලූම ශ‍්‍රී ලාංකිකයන් සඳහා අධ්‍යාපනය ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය කිරීමයි. එවිට ඔවුනට පිළිවෙලින් ඔවුන්ගේ ජීවිත හා අපගේ ජාතිය සවිබල ගැන්වීමට සහ පොහොසත් කිරීමට හැකිවේවි’ යනුවෙන් පැවැසීය.

‘DP Digital University’ සිසුන්ට පුළුල් පරාසයක විෂයයන් ආවරණය වන පරිදි ගිණුම්කරණය සහ මූල්‍ය, ව්‍යාපාර කළමනාකරණය, පරිගණක විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සිට සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාව, මානව සම්පත් කළමනාකරණ සහ තවත් කාණ්ඩ 40ක පාඨමාලා නොමිලේ ලබාදෙයි.

ඬේවිස් හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ‘අන්තර්ගත අලෙවිකරණ උපායමාර්ගය’ හැදෑරූ නෙත්මි ටී. විජේසිංහ මෙම ඩිජිටල් වේදිකාව ඔස්සේ ඉගෙනීම පිළිබඳ සිය අත්දැකීම් බෙදා ගනිමින් මෙසේ පැවැසුවාය ‘ආකර්ෂණීය වීමත්, මා හට මගේම ස්ථානයක සිට නියැලීමට හැකි වීමත් නිසා ‘DP Digital University’ හරහා හමුවූ මාර්ගගත පාඨමාලාවන්ගෙන් මම මහත් ප‍්‍රයෝජනයක් ලැබුවා. ස්වයං අභිපේ‍්‍රරණයක් සහිත පුද්ගලයන්ට නව විෂයන් ගවේෂණය කිරීමට සහ අධ්‍යනය කිරීමට මෙය ඉතා වටිනා අවස්ථාවක්.’

හොංකොං විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ Fibonacci Numbers and the Golden Ratio (ෆිබොනාචි අංක හා ස්වර්ණමය අනුපාතය) පාඨමාලාව හැදෑරූ තවත් සිසුවියක් වන ශිතිලා මහබදුගේ ඇගේ බුද්ධිමය කුතුහලය හඹා හෑමට හා වෙනත් ආකාරයකින් පහසුවෙන් ප‍්‍රවේශය විය නොහැකි සිත්ගන්නාසුලූ පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට අවස්ථාව සළසාදීම පිළිබඳ සිය කෘතඥතාව පදනම වෙත පළ කළාය.

පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලයේ ‘අළෙවිකරණය හඳුන්වාදීම’ පාඨමාලාවේ සිසුවෙකු වන දිනුක් පීරිස් අදහස් දක්වමින් ‘මෑතකදී මා උසස්පෙළ විභාගය අවසන් කළ අතර උසස් අධ්‍යාපනයට පෙර සූදානමක් වශයෙන් දැනුම වැඩිදියුණු කරගැනීම සඳහා මාගේ නිදහස් කාලය තුල DP Digital University පාඨමාලා හාදාරමින් සිටිනවා’ යනුවෙන් සඳහන් කළේය.

DP Digital University යනු ශ‍්‍රී ලංකාවේ පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් නව පරපුරක් මෙන්ම වෘත්තිකයන් සවිබලගැන්වීමට නිදහස් අධ්‍යාපනය ලබාදීම සඳහා ඩිජිටල් වේදිකාවන් උත්තේජනය කර DP Education හි මූලාරම්භයන් මාලාවේ නවතම අදියර වේ.

මෙම පදනම විසින් මෑතකදී DP Kids නම් තවත් සාර්ථක වේදිකාවක් දියත් කළ අතර එමඟින් වයස අවුරුදු 2ත් 7ත් අතර ළමුන් 264,000කට වැඩිපිරිසකට එනම් ශ‍්‍රී ලංකාවේ ළමුන් මිලියන 1.32න් 20%කට පමණ පෙර පාසල් අධ්‍යාපනය සඳහා ප‍්‍රවේශය ලබාදෙයි.

DP Education ගණිතය, විද්‍යාව සහ ඉංග‍්‍රීසි ඇකඩමි යනු ධම්මික හා ප‍්‍රසිලා පෙරේරා පදනම විසින් නොමිලේ පිරිනමනු ලබන අනෙකුත් මාර්ගගත අධ්‍යාපන වේදිකාවන් වේ.

වැඩිදුර තොරතුරු සඳහා DP ඩිජිටල් විශ්වවිද්‍යාලයෙහි www.dpuni.org නිල වෙබ් අඩවියට පිවිසෙන්න. නැතහොත්  info@dpfoundation.org.lk වෙත ඊ-මේල් පනිවුඩයක් යොමු කරන්න.

Visits: 180