“ආහාර සුරක්ෂිතභාවය කියන්නේ අපිට අවශ්‍ය ආහාර සියල්ල රට ඇතුළෙම නිපදවා ගන්න එක නොවෙයි” – මහාචාර්ය රොහාන් සමරජීව

ආහාර සුරක්ෂිතභාවය යනු අපිට අවශ්‍ය ආහාර සියල්ල රට තුළම නිපදවා ගැනීම නොවන බව මහාචාර්‍ය රොහාන් සමරජීව මහතා පවසයි. කොවිඩ්-19 වසංගතයේ පළමු රැල්ලත් සමග ඇති වූ මෙම ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කරුණ සම්බන්ධයෙන් පසුගිය මැයි මාසයේ 12 වැනිදා ඒ මහතා Food security and self-sufficiency ලෙස ඇඩ්වොකාටා වෙබ් අඩවිය තුළ පළ කළ ලිපිය තුළ මේ බව සඳහන් කරයි. ‘ආහාර සුරක්ෂිතතාව සහ ස්වයංපෝෂණය’ ලෙස මෙම ලිපියේ සිංහල පරිවර්තනය මෙසේ ඉදිරිපත් කර තිබේ.

දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තරව ද ආහාර සැපයුම් දාම දුර්වල වී හෝ සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත. එවැනි තත්වයන් තුළ ආහාර සුරක්ෂිතතාව එනම් අවශ්‍ය ප්‍රමාණයට ආහාර තිබීම ගැන සිතීම ස්වාභාවික හා අත්‍යවශ්‍ය වේ. එහෙත් බුද්ධිමත්ව හා සාක්ෂි මත පදනම්ව සිතීම වැදගත් වේ. Covid – 19 තත්ත්වය තුළ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ සාකච්ඡාව නැවතත් සමාජ අවධානයට ලක් වී ඇත

ඒවායේ පදනම සැකසෙන දත්තවල හෝ ඒවායේ සැලසුම් හේතුවෙන් සියළුම ශ්‍රේණිගත කිරීම්වල සහ දර්ශකවල අඩුපාඩු තිබේ. නමුත් ඒවා සාක්ෂි පදනම් කරගත් සාකච්ඡාවක් සඳහා ප්‍රයෝජනවත් ආරම්භයක් සපයයි.

ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකය කොටස් තුනකින් සමන්විත වේ: දැරිය හැකි මිල, ලබා ගත හැකි බව සහ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව. ස්වාභාවික සම්පත් හා ඔරොත්තු දීම යන නව කොටසක් 2019 දී එකතු කරන ලදී.

ගොවිබිම් නොමැති නිසා දේශීයව නිපදවන නිෂ්පාදන නොමැති මිලියන 5 කට අධික ජනගහනයක් සිටින සිංගප්පූරුව මූලික දර්ශකයේ පළමු ස්ථානයට පත් වීමෙන් පෙන්වන්නේ ආහාර සුරක්‍ෂිතතාවය පිළිබඳව සාමාන්‍ය බුද්ධියට එහා ගිය ප්‍රවේශයක් මත මෙම දර්ශකය පදනම් වී ඇති බවයි. ස්වාභාවික සම්පත් හා ඔරොත්තු දීමේ හැකියාව සැලකීමට ගත් විට සිංගප්පූරුව ස්ථාන 11 කින් පහත වැටේ. සිංගප්පූරුවට මුහුදු මට්ටම ඉහළ යාම, සාගර සුපෝෂකනය සහ ආහාර ආනයන මත යැපීම යන ගැටළු වලට මුහුණ දීමට සිදු වේ. නමුත් 11 වන ස්ථානයේ වුවද එය අනෙකුත් දකුණු ආසියානු රටවලට වඩා හොඳ ස්ථානයක ඇත.

මම අවුරුදු විස්සකට වැඩි කාලයක් තිස්සේ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් අධ්‍යයනය කරමින් සිටිමි. ආපදා අවම කිරීම සහ සහන මෙහෙයුම් සඳහා විදුලි සංදේශ සම්පත් සැපයීම පිළිබඳ ටැම්පෙරේ සම්මුතියට ශ්‍රී ලංකාව ප්‍රවේශ වීම හා Y2K ගැටළුව සඳහා වන සූදානම එයට හේතු විය. තවද අපි දශකයකට වැඩි කාලයක් තිස්සේ කෘෂිකාර්මික සැපයුම් දාමයන් පිළිබඳවද අධ්‍යයනය කරමින් සිටිමු.

ඔරොත්තු දීමේ පිරිවැය පිලිබඳ සම්මුතිය

ඔරොත්තු දීමේ හැකියාව සහ පිරිවැය අතර සම්මුතියක් සෑම විටම පවතී. පිරිවැය ගැන සැලකිලිමත් නොවන්නේ නම්, කෙනෙකුට අසාමාන්‍ය ලෙස ඔරොත්තු දීමේ හැකියාවක් ඇති අතර 100% අතිරික්ත පහසුකම්ද තවදුරටත් සහායට එකතු වේ. නැති වීමට වැදගත් යමක් තිබෙන විට හා පරිසරය අවදානම් සහිත වූ විට කෙනෙකුට බැක්අප් කිහිපයක් තිබිය හැක.

නිදසුනක් වශයෙන්, යුද්ධයේ දරුණුතම දිනවල එල්ටීටීඊය කොළඹට පහර දෙන විට සහ ලංවිම ඉංජිනේරුවන් එසැනින් වර්ජනය කිරීමට සැරසී සිටි කාලයක් විය. එවිට ජංගම බේස් ස්ටේෂන් සඳහා බැටරි බැක්අප් ගැන මට පැවසූ අතර ඒවාට ඩීසල් උත්පාදක යන්ත්‍ර මගින් තවදුරටත් සහාය විය. නමුත් මේ සියල්ල සඳහා මුදල් වැය වේ.

ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ද එය එසේම ය.දේශීයව නිපදවන අර්තාපල් මත යැපීම අවදානම් අඩු කරයි යැයි කෙනෙකුට විශ්වාස කළ හැකිය. නමුත් අර්තාපල් සඳහා දේශීය නිෂ්පාදන වියදම ආනයනික අර්තාපල් වලට වඩා සැලකිය යුතු ලෙස වැඩි බව කවුරුත් දන්නා කරුණකි. ආනයනික අර්තාපල් සඳහා විශේෂ භාණ්ඩ බද්දක් අය කිරීම මගින් දේශීය නිෂ්පාදකයින්ට සහයක් ලබා දෙයි. මෙයින් අදහස් කරන්නේ දේශීය පාරිභෝගිකයින් අකාර්යක්ෂමව නිපදවන දේශීය අර්තාපල් සඳහා වැඩි මුදලක් ගෙවන අතර ඔවුන් පරිභෝජනය කරන ආනයනික අර්තාපල් සඳහා රජයට වක්‍ර බදු ගෙවන බවයි.

ආරක්ෂාව සදහා ඇති කරන තීරු බදු එකතු වීමෙන් සැමට ආහාර මිල අධික වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රම පිරිවැය ශ්‍රී ලංකාවේ ඉහළ ය. එබැවින් ගෝලීය වශයෙන් තරඟ කළ යුතු බොහෝ කර්මාන්ත ඉහළ ශ්‍රම පිරිවැයක් දරයි.

අකාර්යක්ෂම දේශීය නිෂ්පාදකයින්ගෙන් නිෂ්පාදන ලබා ගැනීම අවදානම අඩු නොකරයි. කෘෂිකර්මාන්තය අවදානම් සහගතය. ගංවතුර, නියඟය, කෘමීන් හා රෝග බෝග විනාශ කළ හැකිය. සැබවින්ම ඔරොත්තු දෙන සැපයුම් දාමයන් එක් ප්‍රදේශයක් (අර්තාපල් සඳහා වෙලිමඩ වැනි) හෝ තනි රටක් මත රඳා නොපවතී. ඒ ආකාරයටම රටට අවශ්‍ය සහල් ලබා ගැනීමට උදාහරනයක් ලෙස වියට්නාමය මත පමණක් යැපීමක් සිදු නොවේ. සහල් වලින් ස්වයන්පොෂිත වීම ස්ථිර ප්‍රතිපත්ති පරමාර්ථයක් ලෙස සිතීම හොඳ අදහසක් නොවනු ඇත.

COVID-19 සහ ගෝලීය සැපයුම් දාමයන්හි කඩාකප්පල් කිරීම් හමුවේ වියට්නාමය සහල් අපනයනය සඳහා යම් සීමාවන් පනවා ඇති අතර එමඟින් ගනුදෙනුකරුවන් අතර කුකුසක් ඇති වීම සැලකිලිමත් වීමට වලංගු හේතුවක් වනු ඇත. එහෙත්, අනෙක් අතට, 2016 – 2017 දී අත්දුටු ආකාරයට නියඟය හේතුවෙන් 2015-16 දී සහල් මෙට්‍රික් ටොන් 2,903 සිට මෙට්‍රික් ටොන් 1,474 දක්වා අඩු වූ ආකාරයට දේශීය නිෂ්පාදනය මත මුළුමනින්ම රඳා සිටීම ද අවදානම් ය.

එබැවින්, ආහාර සුරක්‍ෂිතතාව සඳහා සැබෑ පිළිතුර වන්නේ ස්වයංපෝෂිත භාවය සඳහා වන සරල උත්සාහය නොව, විවිධ තැන් හරහා ලබා ගෙන පිරිවැය හා අවදානම් කළමනාකරණය සමතුලිත කිරීම සහ සැපයුම් දාම ශක්තිමත් බව සහතික කිරීමයි. තවද ඒකාධිකාරීන් පැන නැගීම වැළැක්වීම ප්‍රතිචාරයේ වැදගත් කොටසකි.ගෝලීය ආහාර ආරක්ෂණ දර්ශකය විවිධ දර්ශක 34 ක බරින් යුත් සංයෝජනයෙන් අල්ලා ගැනීමට උත්සාහ කරන්නේ මෙයයි.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාවයේ තක්සේරුව

2019 දී රටවල් 113 න් 66 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්විය.එය පෝෂණ ප්‍රමිතීන්, සාමාන්‍ය ආහාර පිරිවැය වෙනස් කිරීම, ගෝලීය දරිද්‍රතා රේඛාව යටතේ ජනගහනයේ අනුපාතය, ආහාර සුරක්‍ෂිතතාව, ආහාර අහිමිවීම, නාගරික අවශෝෂණ ධාරිතාව, කෘෂිකාර්මික නිෂ්පාදනයේ අස්ථාවරත්වය සහ ගොවීන්ට මූල්‍යකරණය සඳහා ප්‍රවේශය යන අංශයන්හි ඉහළ අගයක් ලබා ඇත.

කෘෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වන රාජ්‍ය වියදම්, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, මිලදී ගැනීමේ ශක්තියේ සමානාත්මතාවය, ප්‍රෝටීන් ගුණාත්මකභාවය සහ දේශපාලන ස්ථාවරත්වය (2018 සහ 2019 අතර විශාලතම පසුබෑම) වැනි සාධක මගින් එහි අගය පහත වැටුණි.ශ්‍රී ලංකාවේ සමස්ත ලකුණු සාමාන්‍යයට වඩා මඳක් අඩු වූ අතර ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ තරමක් අඩු විය. එය දකුණු ආසියාවේ සම රටවල් වලට වඩා ඉදිරියෙන් සිටියද ඉන්දුනීසියාව සහ ගිනිකොනදිග ආසියාවේ පිලිපීනය වැනි සම රටවල් වලට වඩා පසුපසින් සිටියේය. ඉන්දියාව 72 වන ස්ථානයට පත්ව ඇති අතර පාකිස්තානය (78 වැනි ස්ථානය) සහ නේපාලය (79 වැනි ස්ථානය) ඊටත් වඩා පහත් මට්ටමක සිටී. සුපුරුදු පරිදි, ශ්‍රී ලංකාව එතරම් නරක නොවූ ස්ථානයක සිටි නමුත් ඊට වඩා හොඳ විය හැකි බව මගේ විශ්වාසයයි.

ස්වාභාවික සම්පත් හා ඔරොත්තු දීමේ හැකියාව මෙම මිශ්‍රණයට එකතු කළ විට ශ්‍රී ලංකාව 113 න් 67 වන ස්ථානයට පසුබසිනු ඇත.ඔරොත්තු දීමේ ආශ්‍රිත සාධකවල බලපෑම සමහර රටවල වැඩි ය. උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය විශාල වෙනස්කම් පෙන්වයි. මූලික සම්පත් දර්ශකයේ 12 වන ස්ථානයේ සිටින ඕස්ට්‍රේලියාව ස්වාභාවික සම්පත් හා ඔරොත්තු දීමේ හැකියාව ඇති විට 16 වන ස්ථානයට පපසු බසින අතර නවසීලන්තය ඕස්ට්‍රේලියාව අභිබවා යමින් ස්ථාන පහක් ඉදිරියට විත් 14 වන ස්ථානයට පත්විය.

පිරිවැයට සංවේදී වන ඔරොත්තු දීමේ හැකියාව

COVID-19 සඳහා ප්‍රතිචාරය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ආහාර සැපයුම් දාමයන්ට සිදු වූ හානිය සමස්ත කෘෂිකාර්මික පද්ධතියම නැවත සලකා බැලීමට අවශ්‍ය වේ. වත්මන් පද්ධතියේ අස්ථාවරත්වය ඒ මගින් විදහා දක්වයි. නමුත් ප්‍රතිචාරය සාක්‍ෂි පිළිබඳ සන්සුන්ව සලකා බැලීම මත පදනම්ව, ආහාර සඳහා මුදල් සඳහා වටිනාකමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් සූක්ෂ්ම ලෙස සකස් කළ යුතුය. අකාර්යක්ෂම නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා ආනයන තහනම් කිරීම සහ පාරිභෝගිකයින් මත බදු පැනවීම වෙනුවට, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විවිධාංගීකරණය වී ඇති බැවින් සැපයුම් දාම ඔරොත්තු දෙන බවට රජය සහතික විය යුතුය.මෙය කළ හැකි හොඳම ක්‍රමය වන්නේ සැපයුම් දාමයන්හි සම්බන්ධතා ඒකාධිකාරී වීම වැළැක්වීමයි.

ස්වයංපෝෂිතභාවය වැනි සටන් වැකි වලට සරලව පසුබැසීම ප්‍රමාණවත් නොවේ.ශ්‍රී ලංකාවට 1970 දශකයේ සිට එම ප්‍රතිපත්ති පිළිබඳ අත්දැකීම් තිබේ. ධනවත් අයට කළු වෙළඳපොලවල් ඇති කළ අතර දුප්පතුන්ට මන්දපෝෂණය හිමි කළා. සලාක කඩවල් මගින් පාරිභෝගික මනාපයන් තෘප්තිමත් කළ නොහැකි වඩාත් සංකීර්ණ ආර්ථිකයක වැඩ කිරීමට එකල වැනි සරල කාලයක ක්‍රියාත්මක කළ දේ කළ නොහැකිය.

Hits: 144